අද සිට පාසල් දරුවන්ට නොමිලේ කිරි

ප්‍රාථමික අධ්‍යාපනය ලබන පාසල් සිසුන් වෙත දෛනිකව උදෑසන දියර කිරි පැකට්ටුවක් ලබාදීමේ ජාතික වැඩසටහන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද(23) ආරම්භ කිරීමට නියමිතව තිබේ.

රත්නපුර කලවාන, කජුගස්වත්ත ශාස්ත්‍රෝදය විද්‍යාලයේ දී මෙම වැඩසටහන ආරම්භ කිරීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

2025 වසර වන විට ශ්‍රී ලංකාවේ දියර කිරි නිෂ්පාදනය ඉහළ දැමීම සහ ප්‍රාථමික අධ්‍යාපනය ලබන දරුවන්ගේ පෝෂණය ඉහළ නැංවීම යන අරමුණු පෙරදැරිව මෙම වැඩසටහන ක්‍රියාත්මක කර තිබේ.

කිරෙන් සපිරි දැයක් තේමාව යටතේ ක්‍රියාත්මක මෙම වැඩසටහන ජනාධිපති කාර්යාලය සහ ග්‍රාම ශක්ති ජනතා ව්‍යාපාරය එක්ව සංවිධානය කරනු ලබන අතර අධ්‍යාපන අමාත්‍යාංශය සහ පශු සම්පත් සංවර්ධන අමාත්‍යාංශය ඊට සහය ලබා දෙනු ලබයි.

වැඩසටහනේ පළමු පියවර වශයෙන් පළමු වසරේ සිට පහ වසර දක්වා දරුවන් ලක්ෂ 4කට දිනකට කිරි මිලිලීටර් 150ක් ලබාදීම සිදුවන අතර රස කළ කිරිවෙනුවට ප්‍රමිතිගත දියර කිරිපැකැට්ටුවක් ලබාදීම මෙහිදි සිදුවන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

මෙම වැඩසටහන සඳහා රජය වසරකට රුපියල් මිලියන දහසක මුදලක් වෙන් කර තිබේ.

මේ අතර පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් ආණ්ඩුවට කරන සියලු චෝදනා ප්‍රතික්ෂේප කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ අප්‍රේල් 21 සිදුවීමෙන් පසු ආණ්ඩුවක් ලෙස ඉටුකළ යුතු සෑම වගකීමක්ම ඉටුකළ අතර අදාළ සිදුවීමට ඉඩ සැලසුනු සියලු කරුණු පිළිබදව මේ වන විට අපක්ෂපාතී හා ස්වාධීන පරීක්ෂණ සිදුකෙරෙන බවයි.

ඊයේ(22) පස්වරුවේ කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පැවති “ සත්විරු අභිමන් 2019 “ රණවිරු සුබසාධන ප්‍රතිලාභ ප්‍රදානය කිරීමේ උත්සවය අමතමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම අදහස් පල කළේය.

 

Leave A Reply

Your email address will not be published.