පිවිතුරු හෙල උරුමය පක්‍ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී පක්‍ෂ නායක උදය ගම්මන්පිල මහතා මෙම අදහස් පල කලේය.
සෝෆා ගිවිසුමක් අත්සන් කරලා හදිසියේම ලංකාවේ ඇමෙරිකානු හමුදා කඳවුරු පිහිටුවීමට උත්සාහ කරන්නේ ඇයි කියන ප්‍රශ්නය බොහෝ දෙනා අහනවා. ඇමෙරිකාවට ලංකාවේ කඳවුරු අවශ්‍ය වී තිබෙන්නේ හේතු 4ක් උඩයි.
ඇමෙරිකානු යුද විශේෂඥයෙකු වන අද්මිරාල් කප්ලාන් සිය මොන්සූන් කියන පොතේ සඳහන් කරන විධියට මේ සියවසේ වැදගත්ම සාගරය ඉන්දියානු සාගරය වන අතර එහි හරි මැද පිහිටි ලංකාව වැදගත්ම රටයි. විදේශ සබඳතා පිළිබඳ සෙනෙට් අනු කමිටුව 2009 දී නිකුත් කළ ලංකාව පිළිබඳ සිය වාරතාවේ 12 වන පිටුවේ ඉන්දියානු සාගරයේ හරි මැද ලංකාව පිහිටීම ගැන සහ ශ්‍රී ලංකාව සමග හොදින් සිටීමේ වැදගත් කම සඳහන් කර තිබෙනවා. මේ සියවසේ වැදගත්ම රටේ කඳවුරක් හදන්නේ නැතුව වෙන කොහේ හදන්නද?
වර්තමාන ලෝකයේ නැගී එන බලවතුන් වන ඉන්දියාව සහ චීනය යන රටවල් දෙකටම එකවර බලපෑම් කරන්න හොඳම ස්ථානය ලංකාවයි. ලංකාව පිහිටා තිබෙන්නේ එක පැත්තකින් ඉන්දියාවට කිලෝ මීටර් 32ක් නුදුරින්. අනිත් අතින් චීනයේ සැපයුම් මාරගය වන මුහුදු සේද මාවතේ හරි මැද.
මුරිසිය යටත් කරගෙන සිටිය ඉංග්‍රිසින් 1965 දී දියේගො ර්ගෂියා මුරුසියෙන් වෙන් කරලා ඇමෙරිකාවට බදු දුන්නා. ඇමෙරිකාව ඉන්දියානු සාගරයේ සිය ප්‍රධානතම කඳවුර පිහිටුවූයේ මාල දිවයිනට පහලින් තිබෙන දියේගො ර්ගෂියා වලයි. 1968 දී ඉංග්‍රිසින්ගෙන් නිදහස ලැබුණු දා සිට මුරුසිය උත්සාහ කලේ තමන්ගේ රටෙන් කඩා ගත් දියේගො ර්ගෂියා නැවත තමන් සතු කරන්නයි. මේ අරගලයේ ප්‍රතිඵලයක් විධියට එක්සත් ජාතින්ගේ සංවිධානය මේක ජාත්‍යන්තර අධිකරණයට යොමු කරනවා. 2019 පෙබරවාරි 25 දා දියේගො ගාරෂියා මුරිසියට භාර දෙන තුරු ඒ රටේ ස්වාධීනත්වය සම්පූරණ වෙන්නේ නෑ කියා ජාත්‍යන්ත අධිකරණය තීන්දු කරනවා. මේ සමග ඉන්දියානු සාගරයේ තමන්ගේ ප්‍රධානතම කඳවුර තමන්ට අහිමි වීමේ අවදානමක් ඇමෙරිකාවට මතු වෙනවා.
තායිලන්තයේ ක්‍රා ඇල කැපීමට චීනය සමත් වුණොත් මුහුදු සේද මාවතේ ර්මමස්ථානය බවට පත් වන්නේ හම්බන්තොට වරායයි. චීනයට අවශ්‍ය ඉන්ධන වලින් 80%ක් ගෙනි යන්නේ හම්බන්තොට හරහා. එතකොට ලංකාව පාලනය කරනවා කියන්නේ චීනයේ සැපයුම් පාලනය කරනවා කියන එකයි.
ඉහත හේතු මත ඇමෙරිකාවට ලංකාවේ හමුදා කඳවුරු පිහිටුවීම අත්‍යාවශ්‍ය වී තිබෙනවා. ද හෙරිටේජ් ෆවුන්ඩේෂන් කියන ඇමෙරිකානු බුද්ධි මණ්ඩලය 2019.03.14 නිකුත් කරපු ශ්‍රී ලංකාව පිළිබද පර්යේෂණ පත්‍රිකාවේ හරි අපූරු උපදෙසක් තමන්ගේ ආණ්ඩුවට ලබා දෙනවා. ඒ තමයි රාජපක්ෂලා ලංකාවේ හරිම ජනප්‍රියයි. ඊ ලඟ ඡන්දයේ දී ඒ අය යළි බලයට එනවා. ඒ නිසා ඊ ලඟ ඡන්දයට පෙර ලංකාව සමග අත්සන් කරන්න තියෙන ගිවිසුම් සියල්ල කඩිමුඩියේ අත්සන් කර ගන්න. මේ තත්වය මත ඉදිරි මාස තුන තුල හොර රහසේ සෝෆා ගිවිසුම අත්සන් කිරීමේ අවදානමක් තිබෙනවා.
හෙරිටේජ් ෆවුන්ඩේෂන් කියන අත්සන් කිරීමට යන අළුත් ඇක්සා ගිවිසුම කුමක්ද?
වර්තමාන ආණ්ඩුව 2017 අගෝස්තු 4 වන දා ඇමෙරිකානු ආණ්ඩුව සමග ඇක්සා ගිවිසුම අත්සන් කළ බව ආණ්ඩු පක්ෂ සංවිධායකතුමා පසුගිය පෙබරවාරි 22ත් අගමැතිතුමා ජූලි 12 දාත් පාරලිමේන්තුවේ දී පිලිගත්තා. නමුත් ඇමෙරිකානු ආණ්ඩුවේ ප්‍රධාන බුද්ධි මණ්ඩලයක් වන “ද හෙරිටේජ් ෆවුන්ඩේෂන්” තමන්ගේ 2019 මාරතු 14 දින නිකුත් කළ ලංකාව පිළිබඳ පරයේෂණ පත්‍රිකාවේ 12 වන පිටුවේ අපූරු දෙයක් කියනවා. මේ පිටුවේ සඳහන් වෙන්නේ ඇමෙරිකානු ආණ්ඩුවට මේ බුද්ධි මණ්ඩලය කරන නිරදේශ. එහි එක් නිරදේශයක් සඳහන් වෙන්නේ මෙහෙමයි.
Prioritize the completion of new SOFA and ACSA agreements
Washington and Colombo are in the process of upgrading a SOFA first signed in the mid-1990s. The two sides hoped to have the agreement completed before January 2019 but were unable to reach terms in time. They are also negotiating an updated ACSA agreement. Prime Minister Wickremasinghe is reportedly a supporter of both agreements, and the Sri Lankan military is currently reviewing the technical details.
මොකද්ද මේ කියන්නේ? ඇමෙරිකාව සහ ලංකාව අතර ඇක්සා ගිවිසුම අළුත් කරන්න මේ දවස්වල සාකච්ඡා කරමින් යන්නේ. අගමැති රනිල් වික්‍රමසිංහ නම් ගිවිසුම් දෙකටම සහය දෙන බවයි වාරතා වෙන්නේ. ශ්‍රී ලංකා හමුදා ගිවිසුමේ තාක්ෂණික කරුණු අධ්‍යනය කරමින් සිටිනවා.
අපි 2017 අත්සන් කළ ඇක්සා ගිවිසුම බදාගෙන ඒකෙන් රටට වෙන හානිය පෙන්වා දෙනවා. නමුත් ඇමෙරිකාව කියන විධියට ඒ ගිවිසුම යළිත් අළුත් කරන්න මේ දිනවල සාකච්ඡා කරමින් යනවා. 2017 අත්සන් කල ගිවිසුම 2019 කඩිමුඩියේ අලුත් කරනවා කියන්නේ යන යකා කොරහත් බිඳගෙන යනවා වගේ ගෙදර යන්න නියමිත ආණ්ඩුව රටම ඇමරිකාවට විකුණන්න හදන බවයි මේ සාකච්ඡා වලින් පේන්නේ. අගමැතිතුමා නම් එක පයින්ම මේකට සහය පලකරලා තිබෙනවා කියලත් මේ වාර්තාවේ සදහන් වෙනවා . හැබැයි ඇමෙරිකාව හදපු ගිවිසුමට තවම ලංකාවේ හමුදා එකඟ වෙලා නැතිලු. අපි තාම අධ්‍යයණය කරනවා කියමින් හමුදාව තමන්ගේ කැමැත්ත දීම කල් දමමින් සිටිනවා කියලත් මේ වාර්තාවේ සදහන් වෙනවා. මේ ගිවිසුමේ අන්තර් ගත කරුණු මොනවා ද? ඒවායෙන් රටට අත් වන බලපෑම කුමක්ද? ගිවිසුම අත්සන් කිරීමට පෙර මේවා සාකච්ඡාවට බඳුන් විය යුතුයි. පාරලිමේන්තුවේ විවාද කළ යුතුයි.
2017 ගිවිසුම වගේ රටට හොරෙන් අත්සන් නොකර වහාම සාකච්ඡාවට ලක් කරන ඇක්සා ගිවිසුමේ පිටපතක් රටට හෙලි කරන්න කියලා ගිවිසුමට කැමැත්ත දුන්නු අගමැතිතුමාගෙන් අපි ඉල්ලා සිටිනවා.
– අරවින්ද අතුකෝරල