මම ඉස්සරහට තියපු අඩිය පස්සට ගන්නේ නෑ – සජිත්

රටේ නායකත්වය බාර ගන්න ඉපදුන දා සිට සුදානම්

රටේ නායකත්වය බාරගැනීමට තමන් සෑම විටම සූදානමින් පසුවන බව නිවාස ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

අද(22) පෙරවරුවේ මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කලා.

පක්ෂය විසින් 2020 දී ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කරනු ලැබුවොත් සජිත් ප්‍රේමදාස මහතා මැතිවරණයට පිවිසෙන්නේ ද යනුවෙන් මෙහිදී මාධ්‍යවේදීන් විසින් ප්‍රශ්න කර සිටියා.

එවිට අමාත්‍යවරයා පවසා සිටියේ, “මම මෙච්චර කල් මොනව ද මේ කියාගෙන යන්නේ“ යනුවෙනි.

“මම හිතන්නේ ඔබ තුමන්ලා මගේ කථා එකක්වත් අහන් නැතිව වෙන්න ඇති“ ලෙස ද අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

ඉපදුන දා සිට තමා නායකත්වය බාර ගැනීමට සුදානම් බව ඔහු කියා සිටියා. එමෙන්ම තමන් තැබූ අඩිය ආයේ පස්සට නොගන්නා බවද ඔහු ප්‍රකාශ කළා.

 

Leave A Reply

Your email address will not be published.