නායකයෝ කරන්න ඕන දියාරු පෙන්දෝ නෙමෙයි ..කොන්ද පණ තියෙන කෙනෙක්

බැටික්ලෝ කැම්පස් ආයතනයට සෞදි ආරබියේ තහනම් සංවිධානවලින් මුදල් ආධාර ලබාදී ඇතැයි තහවුරු වීම නිසා එහි නිර්මාතෘ,නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතා අත්අඩංගුවට ගත යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පවසයි.

උන්වහන්සේ අද (22) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ඔහු අත්අඩංගුවට ගත යුතු බවයි.

කෝටි 1757 පිළිබඳව වාර්තාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් වාර්තා කළ බවද රතන හිමියන් පවසයි.

සෞදි ආරබියේ ආයතන ත්‍රස්තවාදී සංවිධාන වලට මුදල් ලබාදෙනවා බවත් අල්කයිඩා, තලෙයිබාන් ආයතනවලින් මෙවැනි විශ්ව විද්‍යාල නිර්මානය කරන බවත් රතන හිමියන් පැවසීය.

මෙවැනි කරුණු සඳහා සහරාන්ගේ සම්බන්ධය පිළිබඳව කරුණු වමසීම අදාල නොවන බවත් හිස්බුල්ලා වෙනුවෙන් මුස්ලිම් පක්ෂ එක්වූවා නම් අන්තවාදී ගොදුරෙන් රට ගලවා ගන්නට ජනතාවට එක්විය නොහැක්කේ කුමක් නිසාද යන්න බවත් රතන හිමියන් විමසීය.

අධිකරණය තුලින් තහවුරු වී ඇත්නම් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ හිස්බුල්ලා මහතා අත්අඩංගුවට ගත යුතු බවත් රතන හිමියන්අ වධාරණය කළේය.

කොන්ද පණ නැති,ආත්ම ශක්තියක් නොමැති බල ලෝභී නිවට දේශපාලනඥයන්ට මීට එරෙහිව මුහුණ දෙන්නට නොහැකි බවත් කොටි ත්‍රස්තවාදයට වඩා දස ගුණයකින් භයානක ත්‍රස්තවාදයකට මුහුණ දීමට නම් අනාගත නායකයා කොන්ද පණ ඇති බිය නොබියව මුහුණ දීමට හැකි නායකයෙක් විය යුතු බවත් රතන හිමියන් පැවසීය.

අනුග්‍රහය – අද දෙරණ

Leave A Reply

Your email address will not be published.