ජෝන් කිල්ස් 2018/19 වසර තුළ 9000කට වැඩි තරුණයින්ගේ කුසලතා සංවර්ධනය සවිමත් කරයි.

මගේ දුර්වල සා/පෙ ප්‍රතිඵල සමඟ මම නිවසට පැමිණි විට, දැන් මගේ අනාගතය ගැන කුමක් කරන්නේද යන්න මගේ පියා මගෙන් ඇසීය. ඔහු සැබැවින්ම මා කෙරෙහි තැබූ සියලු බලාපොරොත්තු අතහැර දමන ලදී. නමුත් මාගේ මව මාහට පන්නරයක් වෙමින්, පසුගිය වසරේ ජෝන් කීල්ස් වෘත්තීය පුහුණු වැඩසටහන සඳහා මා අයදුම් කිරිමට තීරණය කළ පසු, මාව දිරිමත් කරමින් මට සහය දැක්විය. දැන් මම ස්ථිර සේවකයෙක් ලෙස කොළඹ සිනමන් රෙඩ් හෝටලයෙහි මුළුතැන්ගේ අංශය තුළ වැඩකරමින් සිටින අතර මෙම ස්වර්ණමය අවස්ථාව මා වෙත ලබාදීම වෙනුවෙන් සහ මගේ වෘත්තිය ගොඩ නැංවීම සඳහා මාහට ලබාදුන් සහය වෙනුවෙන් ජෝන් කීල්ස් පදනමට මම ස්තූතිය පුදකිරිමට කැමැත්තෙමි” යයි සිනමන් රෙඩ් හි දැනට සේවයේ නියුතු හිටපු වෘත්තීය පුහුණුලාභියෙකු වන භානුක ධනංජය විසින් පැවසීය.
නවතම ශ්‍රමබලකා සමීක්ෂණයට අනුව, ශ්‍රී ලංකාව තුළ සමස්ත විරැකියා අනුපාතය සියයට 4.1ක් වන අතර ඉන් පහෙන් එකක් සමන්විත වන්නේ වයස අවුරුදු 15-24 අතර තරුණ විරුකියා කාණ්ඩය තුළයි. එමෙන්ම “2018 තුන්වන කාර්තුවට අනුව තරුණ විරැකියා අනුපාතය සියයට 19.6 ක් වන අතර එය සියලූම වයස් කාණ්ඩ අතර ඉහළම වාර්තා වූ විරැකියා අනුපායතය වන බව” ජන හා සංඛ්යාලේඛන දෙපාර්තමේන්තුව මගින් සිදුකළ සමීක්ෂණයෙන් අනාවරණය කරයි. එමෙන්ම සමස්ථ විරැකියා අනුපාතය වන පිරිමි සියයට 2.8 සහ කාන්තා විරැකියා අනුපාතය වන සියයට 6.6ට සාපේක්ෂව, වයස අවුරුදු 15-24 කාණ්ඩය තුළ කාන්තා සහ පිරිමි විරැකියා අනුපාත පිළිවෙලින් සියයට 16.0ක් සහ 26.1ක් වන බව මෙම වාර්තාව මඟින් වැඩිදුරටත් පෙන්වා දී තිබේ.

ඒ පිළිබඳ සැලකීමේදී, ශ්‍රී ලංකාව තුළ ඵලදායී සහ අභිප්‍රේරිත ශ්‍රම බලකායක් වැඩෙහි යෙදවීම සහතික කිරීමේදී ගුණාත්මක අධ්‍යාපනය සහ කුසලතා සංවර්ධනය කරා පුළුල් ප්‍රවේශය ඉතාම වැදගත්ය. ජෝන් කීල්ස් සමූහය ළමුන් සහ තරුණයින්ගේ වෙළෙඳපොලට අදාළ කුසලතා සංවර්ධනය කිරිම සඳහා ප්‍රමුඛතාව ලබාදි ඇත. ඒ අනුව, සමූහය එහි ආයතනික සමාජීය වගකීම් අංශය වන, ජෝන් කීල්ස් පදනම (JKF) තුළින්, එහි අධ්‍යාපනය පිළිබඳ CSR උපකාරක යටතේ ළමුන් හා තරුණයින්ගේ වෘත්තිය කුසලතා සංවර්ධනය කිරීම සහ පුළුල් කිරීම ඉලක්ක කරමින් දිගු-කාලීන තිරසාරාත්මක වැඩසටහන් රාශියක නිරත වේ. එමගින් 2018/19 මූල්‍ය වසර තුළ, 9200 කට වැඩි තරුණයින් පිරිසක් මින් පන්නරය ලබා ඇත.

පාසල් සිසුන්ගේ සහ විශ්ව විද්‍යාල තරුණයින්ගේ ඉංග්‍රීසි සන්නිවේදන කුසලතා, පරිගණක සහ මෘදු කුසලතා වර්ධනය කිරීම ඉලක්ක කරමින් ඉංග්‍රීසි භාෂා ශිෂ්‍යත්ව, පාසල් ළමුන් රජයේ කඩඉම් විභාග සඳහා සූදානම් කිරීමේ පන්ති, අඩු ආදායම්ලාභි පවුල්වල තරුණයින් අතර උසස් අධ්‍යයන පිළිබඳ උනන්දුව ප්‍රවර්ධනය කිරීම සඳහා උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව, සා.පෙ. පෙනීසිටි සිසුන්ට සහ පාසල් හැරගිය අයට වෘත්තිය මාර්ගෝපදේශ සහ වෘත්තීය පුහුණු වැඩසටහන්, රැකියා අවස්ථාව පුළුල් කිරීමේ අරමුණින් විශ්ව විද්‍යාල උපාධි අපේක්ෂකයින්ට මෘදු කුසලතා, සිනමන් තරුණ සවිබලගැන්වීම් වැඩසටහන තුළින් වෘත්තීය කුසලතා, නිරාවරණ වැඩසටහන් සහ සීමාවාසිකත්ව ශ්‍රී ලංකාවේ ළමුන් සහ තරුණයින් අතර
විරැකියා අනුපාතය අඩුකිරිම සඳහා සමූහය විසින් සිදුකරන ලද වැඩසටහන් කිහිපයකි. රාජ්‍ය අධ්‍යාපනය සහ උසස් අධ්‍යපන පද්ධති තුළ වඩාත් ඵලදායී ප්‍රතිඵල ලබාගැනීම, වෙළෙඳපොලට අදාළ කුසලතා, ආකල්ප සහ දක්ෂතා සංවර්ධනය කිරීම තුළින් තරුණයින්ට හැකියාව සහිත රැකියා අවස්ථාවන් විශාල ප්‍රමාණයක් කරා ප්‍රවේශය වැඩිකිරීම මඟින් තිරසාර සංවර්ධන අරමුණු සමඟ යමින් සියලු දෙනා වෙත සෞභාග්‍යවත්, තිරසාර සහ සාධාරණ සමාජ ආර්ථික පරිසරයක් ඇති කිරීම සඳහා ඵලදායී ලෙස දායකවීම මෙම වැඩසටහන්වල අවසාන පර්මාර්ථ වේ.

ජෝන් කීල්ස් පදනම (JKF) යනු ශ්‍රී ලාංකික සමාගමක් වන, ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් (JKH) හි ආයතනික සමාජීය වගකීම් අංශය වේ. විවිධ කර්මාන්ත ක්ෂේත්‍ර 7ක් තුළ සමාගම් 70කට වඩා ක්‍රියාත්මක කරමින් කොළඹ කොටස් හුවමාරුව තුල ශ්‍රි ලංකාවේ විශාලතම ලැයිස්තුගත සමාගම වන ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් පුද්ගලයින් 13,000කට වැඩි පිරිසකට රැකියා සපයන අතර වසර 13ක කාලයක් සඳහා ශ්‍රි ලංකාවේ ‘වඩාත් ගෞරවණිය ආයතනය’ ලෙස ශ්‍රේණිගත කොට ඇත. ලෝක ආර්ථික සංසදයේ පූර්ණ සමාජිකයෙක් සහ එක්සත් ජාතින්ගේ ගෝලිය සංයුක්තයේ සාමාජිකයෙක් වන, ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස්, ජෝන් කීල්ස් පදනම තුළින් “හෙටදින සඳහා ජාතිය සවිබලගැන්වීම”යන එහි දැක්ම ඉදිරියට ගෙන යන අතර ජෝන් කීල්ස් පදනම “හෙටදින සඳහා ජාතිය සවිබලගැන්වීම”යන එහි දැක්ම අරමුණු කරමින් අධ්‍යාපනය, සෞඛ්‍ය, ජීවනෝපාය සංවර්ධනය, කලා හා සංස්කෘතිය සහපරිසරය සහ ආපදා සහන වැනි ක්ෂේත්‍ර හයක් තුළ කටයුතු කරයි.

මාධ්‍ය ඇමතුම : කුමුදු මුණසිංහ
ප්‍රධානී – ආයතනික සන්නිවේදන, ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් පීඑල්සී
0112306192 | [email protected]

Leave A Reply

Your email address will not be published.