ජනාධිපති ධුර කාලය සම්බන්ධයෙන් මේ වනවිට කතාබහක් මතු වී ඇති බවත් 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව විධායක ජනාධිපති ධුර කාලය වන්නේ වසර 06ක් බවත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක පාර්ලිමේන්තු මන්ත්‍රී ලේකම් විජිත හේරත් මහතා පවසනවා.
එම ව්‍යවස්ථාවට අනුව ජනාධිපති ධුරයට අසීමිත බලතල ප්‍රමාණයක් තිබෙන බවත් 19වැනි සංශෝධනය ගෙනා ආවේ එම අසීමිත ඒකාධිපති බලතල සහ ධුර කාලය වෙනස් කිරීම සඳහා බවත් මන්ත්‍රීවරයා පැවසුවා.
පක්ෂ මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් අද මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළා.
ඒ අනුව ජනාධිපතිවරයාගේ ධුර කාලය 2015 ජනවාරි 09 වැනිදා පටන් ගෙන 2020 ජනවාරි 08 වැනිදා අවසන් වන බවද මන්ත්‍රීවරයා ප්‍රකාශ කළා.
ජනාධිපතිවරයා විසින් ධුරයේ කාලය සම්බන්ධයෙන් ශ්‍රෙෂ්ඨාධිකරණ මත විමසුමක් කළ අතර එම අවස්ථාවේදී ශ්‍රේෂ්ඨාධිකරණය පැහැදිලිව තීන්දුවක් ලබා දුන් බවත් නැවත ශ්‍රේෂ්ඨාධිකරණයේ මත විමසීම අනවශ්‍ය ක්‍රියාවක් බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසුවා.
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු පාර්ලාමේන්ත මන්ත්‍රී ලේකම් විජිත හේරත් මහතා,
” 19 සංශෝධනයේ ඉතාම පැහැදිලි කරුණක් තමයි ජනාධිපති ධුර කාලය වෙනස් කිරීම.
1978 ව්‍යවස්ථාවේ 32 වගන්තියට අනුව තේරී පත් වූ ජනාධිපතිවරයා ධුරයේ දිවුරුම් දීම සම්බන්ධයෙන් සඳහන් වෙනවා. ඒ අනුව තමයි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා 2015 ජනවාරි 09වැනිදා අගවිනිසුරුවරයා ඉදිරියේ දිවුරුම් දී ධුරයේ වැඩ බාරගත්තේ.
එම නිසා ඔහුගේ ධුර කාලය 2015 ජනවාරි 09වැනිදා පටන් ගැනෙනවා. 19වැනි සංශෝධනය මගින් වසර 06ක්ව පැවති ජනාධිපති ධුර කාලය වසර 05ක් දක්වා අඩු කළා. ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 32(2) වගන්තියට අනුව ජනාධිපතිවරයා අවුරුදු 05ක කාලයක් ධුරය දරන්නේය යනුවෙන් සඳහන් වෙනවා.
ඒ අනුව ඉතාම පැහැදිලි කරුණක් වන්නේ වත්මන් ජනාධිපතිවරයාගේ ධුර කාලය 2020 ජනවාරි 08වැනිදා අවසන් වන බවයි. මීට ඉහතදී ජනාධිපතිවරයා විසින් ධුරයේ කාලය සම්බන්ධයෙන් ශ්‍රෙෂ්ඨාධිකරණ මත විමසුමක් කළා.
එම අවස්ථාවේදී ශ්‍රේෂ්ඨාධිකරණය පැහැදිලිව තීන්දුවක් දුන්නා, වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ධුර කාලය වසර 05යි කියලා. ඒ වගේම එම නඩු තීන්දුවේ පැහැදිලිව සඳහන් වෙනවා, ධුර කාලය 2015 ජනවාරි 09වැනිදා ආරම්භ වෙනවා කියලා. ඒ නිසා නැවතත් ශ්‍රේෂ්ඨාධිකරණයේ මත විමසීම කිරීම අනවශ්‍ය දෙයක්.
මේ කරුණු සලකා බැලීමේදී ජනාධිපතිවරණය නොවැම්බර් මසදී පැවැත්විය යුතුව තිබෙනවා. ජනාධිපතිවරණය කල් දාන්න කාටවත් පුළුවන්කමක් නැහැ. මැතිවරණ කොමිසමේ සභාපතිවරයාත් කියා තිබුණා, ලෝක විනාශයක් නැත්නම් ජනාධිපතිවරණය නවත්වන්න කාටවත් බැහැ කියලා.
ඒ වගේම ජනාධිපතිවරයාගේ කටයුතු සම්බන්ධයෙන් වාද විවාද තිබෙනවා. ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට වගකිව යුතුයි. විශේෂයෙන්ම රටේ ජාතික ආරකෂාව සම්බන්ධයෙන් ගන්නා තීන්දු තීරණ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට වගකිව යුතුයි. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පත්කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට ජනාධිපතිවරයා සහභාගී නොවන බව කියා තිබුණා.
තේරීම් කාරක සභාව කියන්නේ පාර්ලිමේන්තුවෙන් පත්කරන එකක්. ඒ සඳහා ජනාධිපතිවරයා අනිවාර්යයෙන් සහභාගි විය යුතුයි. රටේ ජාතික ආරකෂාව සම්බන්ධයන් ගන්නා තීන්දු තීරණ තේරීම් කාරක සභාවට පැහැදිලි කළ යුතුව තිබෙනව. ඒ සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33(අ) වගන්තියේ සඳහන් වෙනවා. එම නිසා ජනාධිපතිවරයාට වංගු ගහන්න පුළුවන්කමක් නැහැ.
2012 මාර්තු 30වැනිදා අපේ රටේ මුදල් පනත සංශෝධනය වුණා. ඇතැම් භාණ්ඩ ආනයනය කිරීමේදී රේගු ආඥා පනත, විනිමය පනත සහ ආනයන අපනයන පනත බල නොපැවැත්වෙන පරිදි ඒ මොහොතේදී මුදල් පනත සංශෝධනයට ලක් වුණා.
මුදල් පනත සංශෝධනය වීමෙන් පසුව 2013 ජූලි මස 07වැනිදා ඒ සම්බන්ධ ගැසට් පත්‍රය නිකුත් වුණා. ඒ මගින් ආනයන අපනයනවලදී බලපාන විශේෂ කේන්ද්‍රස්ථාන කිහිපයක් නම් කොට තිබෙනවා. ඒ වගේම මෙම ස්ථාන දෙපාර්තමේන්තු නියෝග මගින්ද තහවුරු කරනු ලැබ තියෙනවා.
ඒ අනුව කොළඹ සහ හම්බන්තොට වරාය නිදහස් වරායන් ලෙස නම්කොට තිබෙන අතර කොග්ගල, කටුනායක නිදහස් අපනයන සැකසුම් කලාප බන්ධිත කලාප ලෙස නම්කොට තිබෙනවා. ඒ වගේම මත්තල ගුවන්තොටුපොළත් මිරිජ්ජවිල අපනයන සැකසුම් කලාපයත් විශේෂ බන්ධිත කලාප ලෙස නම්කොට තිබෙනවා.
මෙම කලාපවලදී ආනයනය භාණ්ඩ බදුවලින් නිදහස් වෙනවා.”