ඉරිදා දින පෙරවරුවේ දිවුලපිටිය ප්‍රදේශයේ නිවසක පුද්ගලික උපකාරක පන්ති පැවැත්වූ ස්ථානයකට ගොස් එම ප්‍රදේශයේ හිමිවරුන් කිහිප දෙනෙකු විසින් දැඩි චෝදනා එල්ල කළා.
දහම් පාසල් පවත්වන වේලාව තුල පුද්ගලික උපකාරක පන්ති නොපැවැත්විය යුතු බව උන් වහන්සේලා කියා සිටියේ.
එසේ පන්ති පැවැත්වූයේ ආසන්න පාසලක නියෝජ්‍ය විදුහල්පතිවරියක් බවටද හිමිවරු චෝදනා කලා.
අගෝස්තු මාසයෙන් පසුව උපකාරක පන්ති පවත්වන්නේ නැතැයි ගුරුවරිය එකඟතාවයට පැමිණි පසු කලබල අවසන් වුණා..
කෙසේ නමුත් එම අවස්ථාවේ එම හිමිනම හැසිරුණ ආකාරය සහ කතා කළ විලාශය බොහෝ දෙනෙකුගේ දෝෂ දර්ශනයට ලක්වුණා.