ප්‍රවීණ නිවේදිකා කුසුම් පීරිස් මහත්මිය අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ ගුවන්විදුලි නිවේදිකාවක සහ ගී පද රචිකාවියක වන කුසුම් පීරිස් මහත්මිය අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මියයන විට ඇය 71 වැනි වියේ පසුවූවා. ගුවන් විදුලි නිවේදිකාවක් ලෙස ද ශ‍්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව හරහා ඇය ජනතාව අතර ප‍්‍රසාදයට පත්වුණා.
පසුගිය කාලයේ ඇය චීන ජාත්‍යන්තර ගුවන් විදුලියේ ශ්‍රී ලංකා ශාඛාවේ (CRI srilanka) සේවය කළා.

අභාවප‍්‍රාප්ත කුසුම් පීරිස් මහත්මිගේ දේහය 47/1, ස්වර්ණ පෙදෙස, ඇල්දෙණිය, කඩවත ලිපිනයේ තැන්පත් කිරීමට නියමිත අතර ඇගේ අවසන් කටයුතු ලබන බදාදා (24) සිදු කරන බව පවුලේ ඥාතීන් පවසනවා.

Leave A Reply

Your email address will not be published.