ලොවටම ආදර්ශයක් වීම වෙනුවෙන් මහින්ද රාජපක්ෂට සම්මානයක් !

ඉන්දියානු “World Icon Award” සම්මාන උළෙල ඊයේ (21) බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.

ඉන්දියාවේ වෘත්තිකයින් සඳහා සෑම වර්ෂයකම මෙම “World Icon Award” සම්මාන උළෙල පවත්වනු ලබනවා.

2018 වර්ෂයේ සම්මාන උළෙල තායිලන්තයේ පැවති අතර මෙම වර්ෂයේ සම්මාන උළෙල ලංකාවේ පැවැත්වුණා.

මෙහිදී ලංකාවේ තෝරාගත් වෘත්තිකයින් 10 දෙනෙකු සඳහාද සම්මාන ලබා දුන් අතර 30 වසරක යුද්ධය නිමා කර ලොවට ආදර්ශයක් දීම වෙනුවෙන් විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා වෙත විශේෂ සම්මානයක් හිමිවුණා.

රොහාන් වැලිවිට
මාධ්‍ය ලේකම්

Leave A Reply

Your email address will not be published.