පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාර මාලාව සිදුවී අද (21)ට මාස 3 ක්. අද වගේම හරියටම එදත් ඉරිදා දවසක්.
අප්‍රේල් 21 කිතුණු බැතිමතුන්ට සුවිශේෂී වු වන පාස්කු ඉරිදා, ශ්‍රී ලංකාවාසීන්ට මෙන්ම සමස්ත ලෝක වාසීන්ටම ශෝක දිනයක් බවට පත්වුණා මතකද ?
කොච්චිකඩේ, කටාන සහ මඩකලපුවේ කිතුණු දේවස්ථාන තුනක, කොළඹ ප්‍රධාන පෙළේ හෝටල් තුනක මෙන්ම දෙහිවල සහ දෙමටගොඩ ආදී ස්ථාන 08ක සිදු වූ පිපිරීම් හේතුවෙන් අප්‍රේල් 21 අපේ රටේ ඉතිහාසයේ කළු පැල්ලමක් ඉතුරු කළා.
එදා සිදුවූ පිපිරීම්වලින් විදේශිකයන් ඇතුළු පුද්ගලයන් 263 දෙනකු මිය ගොස් 450ක පමණ තුවාල ලැබුවා.
පාස්කු ඉරුදින ප්‍රහාරයෙන් විනාශයට පත් වු මීගමුව කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානය මාස තුනකට පසුව අද යළි විවෘත වනවා.
පාස්කු ප්‍රහාරය සම්බන්ධව පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් හරහා තවමත් කරුණු විමර්ශනය පවතිනවා. එලෙසින්ම ඒ සමගම තවත් බොහෝ අන්තවාදී ක්‍රියාවන් කරළියට පැමිණියා. වෛද්‍ය සාෆිගේ වඳ සැත්කම් කථාව, නැගෙනහිර ෂරියා විශ්ව විද්‍යාලය ඇතුළු බොහෝ ක්‍රියාවන් පිළිබඳව කතිකාවක් සමාජය තුළ ගොඩ නැගුනා.
මහා සංඝරත්නය උපවාස කළා. නැගෙනහිර සහ බස්නාහිර ආණ්ඩුකාරවරුන් ඉවත් වුනා. පොලිස්පති මෙන්ම ආරක්ෂක ලේකම් ඉවත් කළා. බොහෝ සිදුවීම් සිදු වුවත් අවසානයේ සිදු වුණේ අහිංසක කතෝලික බැතිමතුන් ට ජීවිත අහිමි වීම පමනයි.
තවමත් ජීවිත අහිමිවුණ පවුල් වල සාමාජිකයින්ගේ කඳුළු වියලි නැහැ.. ඒවා තවමත් තෙත බරිතයි.. ප්‍රහාර වල වගකීම ස්වයං බෝම්බකරුවන්ගේ යන තැනට පත් කර බලා සිටීමට බලධාරීන් තීරණය කර ඇත්දැයි යන්න තවමත් ගැටළුවක්.
කොහොම නමුත් නැති වුණේ අපේම ජීවිත..දැනට අපිට අයිති සුසුම් හෙලීම වුවත් ඉදිරියේදී මෙවන් අන්තවාදී ක්‍රියා සිදු නොවීමට වගබලාගැනීම සියලු දෙනාගේ යුතුකමක්.