බටහිර ආසියානු බේස් බෝල් කිරුළ ශ්‍රී ලංකාවට

පාකිස්ථානය පරාජයට පත් කරමින් 14 වැනි බටහිර ආසියානු බේස්බෝල් ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකාව ඊයේ සමත් වුණා.

ශ්‍රී ලංකාව පළමුවරට සත්කාරකත්වය දැරූ තරගාවලියේ කුසලාන මහා තරග ඊයේ (20දා) දියගම ජපන් මිත්‍රත්ව ක්‍රීඩාංගණයේදී පැවැත්වූ අතර ඉනිම් 9 ක් පුරා ක්‍රියාත්මක වූ තරගයේදී ශ්‍රී ලංකාව ජය හිමිකර ගත්තේ තියුණු තරගයකින් අනතුරුව ලකුණු 5-4 ක් ලෙසින්.

ඒ අනුව ශ්‍රී ලංකාව මෙම ශූරතාවට හිමිකම් කීවේ තරගාවලියේ එකම අපරාජිත කණ්ඩායමද වෙමින්.

ශ්‍රී ලංකාව අඛන්ඩව මෙම ශූරතාව දිනා ගත් දෙවැනි අවස්තාව මෙයයි.

මෙහි තුන්වැනි ස්ථානය ලබා ගත්තේ ඉන්දියාව විසින්, ඒ ඉරානය පරදා ලකුණු 08-01 ක පහසු ජයක් හිමිකර ගැනීමත් සමගින්.

Leave A Reply

Your email address will not be published.