පොලිසිය සහ ආවා කල්ලිය අතර ගැටුමක්. ආවා සාමාජිකයෙක් මරුට

යාපනයේ, මනිපායි ප්‍රදේශයේදී පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකුට පහර දීමට තැත් කළ ‘ආවා’ කල්ලියේ සාමාජිකයින්ට පොලීසිය විසින් වෙඩි තබා තිබෙනවා.

වෙඩි තැබීමෙන් ඉන් එක් පුද්ගලයෙක් මිය ගොස් ඇති අතර කල්ලියේ සාමාජිකයින් 05 දෙනෙකු පලා ගොසින්.

පිරිසක් විසින් පොලිස් නිලධාරීන්ට පහරදීමට උත්සාහ කළ අවස්ථාවේ මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසුවේ.

අදාළ සැකකරුවන් විසින් අත්හැර දමා ගොස් ගිය කඩු තුනක් සහ යතුරුපැදියක් පොලිස් භාරයට ගෙන ඇති බවත් ප්‍රකාශ වුණා.

Leave A Reply

Your email address will not be published.