ප්‍රේමදාසලා දකුණු පය පෙරට තිබ්බොත් ආයෙ පස්සට ගන්නේ නෑ

රටේ ජනතාව තමන්ට බලය ලබා දෙනවානම් පසු දින සිට ගොවි විශ්‍රාම වැටුප් ක්‍රමය ක්‍රියාවට නංවන බව නිවාස ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

219 වන උදා ගම්මානය වන මාතලේ දිස්ත්‍රික්කයේ නාඋල – අරංගල ඉදිවු විජේරත්න බණ්ඩාපුර ගම්මානය ජනතා අයිතියට පත්කිරිමේ අවස්ථාවට පසුගිය දා (19) එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය.

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ මුදල් ප්‍රතිපාදන යටතේ ඉදිකළ නිවාස 26ක් ජනතා අයිතියට පත්කිරීම සඳහා එක්වු අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ මෙතෙක් පත් වු රජයන් ගොවි විශ්‍රාම වැටුප නිසි පරිදි ක්‍රියාත්මක නොකළ බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ ප්‍රේමදාස පරම්පරාව දකුණු පය පෙරට තැබුවහොත් නැවත ආපස්සට නොගන්නා බවයි.

එහිදී සිය අදහස් දක්වමින් ඒ මහතා මෙසේ පැවසීය.

“දැන් මම දකුණු පය පෙරට තියලා තියෙන්නේ.

ප්‍රේමදාසලා දකුණු පය පෙරට තිබ්බොත් මොනම හේතුවකටවත් ආයෙ පස්සට ගන්නේ නෑ.

ඒක තමයි අපේ හැදියාව. ඒක තමයි අපේ පුරුද්ද.

ඔබ ගන්නා ඕනෑම තීරණයකට මම ලෑස්තියි.

ලොකු ලොකු නම් කිවුවට මම කිසිම දේකට මම බය නෑ.මම ඉන්නේ මහ පොළොවේ.

මම ඉන්නේ පොඩි මිනිහත් එක්ක. මම ඉන්නේ සාමාන්‍ය ජනතාවත් එක්ක.

ඒ නිසා මට විශ්වාසයි සියලු දෙනා රොද බැඳගෙන රණසිංහ ප්‍රේමදාස සංවර්ධන යුගය බිහි කරනවාමයි.”

මෙරට ප්‍රථම වරට ගොවි විශ්‍රාම වැටුප ක්‍රියාවට නැංවීමේ කටයුත්ත ඉටුකළ විජේරත්න බණ්ඩා මහතා සිහිපත් කරමින් මෙම උදාකළ ගම්මානය නම් කර ඇත්තේ එයට කෘත ගුණ සැලකීමක් වශයෙන් බව ද සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේය.

ada derana

Leave A Reply

Your email address will not be published.