ජාතික ආරක්ෂාව තහවුරු කරණ වැඩපිළිවෙලක් රටට අවශ්‍යව ඇති බව පාඨලී චම්පික රණවක අමාත්‍යවරයා පවසනවා.
අමාත්‍යවරයා ඒ බව සඳහන් කළේ ගාල්ලේ පැවති ජාතික මග වැඩසටහනට එක් වෙමින්.
ජනාධිපතිවරණය සඳහා සාමාන්‍ය පෙළ සහ උසස් පෙළවත් අසමත් පුද්ගලයින් ඉදිරිපත් කිරීම සඳහා බලාපොරොත්තු වන්නේ නම් එය රටේ සිටින උගත් සමාජයට කරන්නේ බලගතු අපහසයක් බව පාඨලී චම්පික රණවක අමාත්‍යවරයා අවධාරණය කළා.
අනාගත වැඩ පිළිවලක් සහිත අපේක්ෂකයෙකු මිස එක් එක් කණ්ඩායම් නම් කරන පුද්ගලයෙකු එක්සත් ජාතික පක්ෂයට අවශ්‍ය නොවන බව
අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා වැඩිදුරටත් පවසා සිටියා.