රවි හෙලිකොප්ටරයෙන් මැදමුලනට ගොස් මහින්ද සමග රහස් වැඩ කලැයි චෝදනා

ඇමැති රවී කරුණානායක මහතා මැදමුලන පිහිටි මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිනිතුමන්ගේ නිවසට ගිය බව එක්සත් ජාතික පක්ෂයේ හම්බන්තොට දිස්ත්‍රික් ඇමතිවරයෙකු වන දිලිප් වෙදාරච්චි මහතා පවසනවා.

විදුලි බල ඇමතිවරයා මහින්ද රාජපක්ෂ මහතාගේ නිවසට හෙලිකොප්ටරයකින් ගිය බව පැවසූ ඔහු මහින්ද රාජපක්ෂ මහතාගේ ඉල්ලීම මත කොණ්ඩගල විහාරස්ථානයට කෝටි ගණනාවක් වටිනා විදුලි ව්‍යාපෘතියක් ලබාදී ඇති බවද කියා සිටියා.

මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන ලෙස ඉදිරියේදී මෙවන් කටයුතු සිදු නොවන ලෙසත් වග බලාගන්නා ලෙස තමන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා සිටි බවත් ඔහු කියා සිටියා.

ඔහු බේ බව කියා සිටියේ හම්බන්තොට පැවති උත්සවයක් අමතමින්.

Leave A Reply

Your email address will not be published.