මා ජනාධිපති කලොත් දහම් පාසැල් දරුවන්ට දිවා ආහාර හා නිල ඇදුම් නොමිලේ දෙනවා

මෙරට රාජ්‍ය බලය ජනතා වරමින් තමන්ට හිමිවූවොත් මෙරට සියලු දහම් පාසල් සිසු දරුවන්ට නිල ඇඳුම් සහ දිවා ආහාර නොමිලේ ලබාදෙන බව ඇමැති සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

හම්බන්තොට සූරියවැව ප්‍රදේශයේදී නව දහම් පාසල් ගොඩනැගිල්ලක් ඉදි කිරීමේ උත්සවයක් අමතමින් ඔහු මෙම අදහස් පල ළා.

මෙරට පාසැල් සිසු දරුවන්ට ද නිල ඇඳුම් සහ දිවා ආහාර නොමිලේ දුන්නේ තම පියා වූ දිවංගත රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමන් විසින් බවද ඔහු සඳහන් කළේය.

තමනටද ජනතා වරමින් රාජ්‍ය බලය ලැබුණහොත් සියලුම දහම් පාසල් දූ දරුවන්ට නිල ඇඳුම් හා දිවා ආහාරය නොමිලේ ලබාදෙන බව ලංකාවාසී පොදු ජනතාවට සතුටින් ප්‍රකාශ කරන බවද ඇමතිවරයා එහිදී කියා සිටියේය.

රටේ ඉහළම පුටුවේ ඉන්න විට මෙම අදහස් ඔලුවට ආවෙ නැති අය බොරුවට බෞද්ධකම ගැන එන කතා කරන බවද ඔහු සඳහන් කළේය.

Leave A Reply

Your email address will not be published.