දස හැවිරිදි දැරියක් දුෂණය කළ දෙදරු පියෙක් පහරදීමෙන් මරුට

දස හැවිරිදි දැරියකට බරපතළ ලිංගික අපරාධයක් සිදුකොට පොලීසියෙන් සැඟවී සිටි පුද්ගලයකු අද(19) අළුයම දැරිය දූෂණය කළ ස්ථානයටම රැගෙගොස් පහර දී ඝාතනය කර ඇති බව ගල්කිරියාගම පොලීසිය පවසනවා.

මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ ගල්කිරියාගම පොලිස් බල ප්‍රදේශ දඹුලු, හල්මිල්ලෑව, හබරත්තාවල ප්‍රදේශයේ පදිංචි ඩී.එම්. දසනායක නැමති 50 හැවිරිදි දෙදරු පියෙක්.

දඹුලු හල්මිල්ලෑව හබරත්තාවල ප්‍රදේශයේ දරුවන් පස්දෙනෙකුගෙන් යුත් ඉතා අසරණව සිටින පවුලක දස හැවිරිදි දැරියක් මෙම පුද්ගලයා විසින් රවටා ගෙන පසුගිය දිනෙක අදාළ සැකකරුගේ වම්බටු හේනක් වෙත රැගෙන ගොස් මෙම අපරාධය සිදු කොට ඇති බව දෙමව්පියන් විසින් මීට දින කීපයකට ඉහතදී ගල්කිරියාගම පොලිසියට පැමිණිලි කර තිබුණා.

පොලීසිය විසින් අත්අඩංගුවට ගැනීම සඳහා යන අවස්ථාවේදී සැකරු ප්‍රදේශයෙන් පලා ගොස් සිටි බව පොලීසිය පැවසුවා.

පසුව අද අළුයම් කාලයේ නිවසක පිටුපස මෙම පුද්ගලයා රැඳී සිටින බවට ලද තොරතුරක් අනුව ප්‍රදේශයේ තරුණයන් පිරිසක් සහ අපරාධය සිදු වූ දැරියගේ පියා ඔහු අල්ලා ගැනීමට ගිය බව පසුව එම ස්ථානයේ දී ඇතිවූ ගැටුමකින් මෙම පුද්ගලයා මිය යන්නට ඇතැයි දැරියගේ මව කියා සිටියා.

පොලිස් ප්‍රශ්න කිරීම්වලදී හෙළි වී ඇත්තේ දස හැවිරිදි මෙම දැරිය ලිංගික අපයෝජනයට ලක්කොට ඔහුගේම තවත් මිතුරෙකුට මෙම දැරිය ලිංගික අපයෝජනයට ලබාදී තිබෙන බවත්, එම පුද්ගලයාද ප්‍රදේශයේම පදිංචිකරුවෙකු බවත් ඔහු මේ වන විට ප්‍රදේශයෙන් පලා ගොස් තිබෙන බව පොලීසිය ප්‍රකාශ කරනවා..

ඝාතනය වූ පුද්ගලයාගේ මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා දඹුල්ල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කොට තිබෙනවා.

දඹුල්ල රෝහල් පොලීසියේ ප්‍රකාශකයෙකු කියා සිටියේ ඝාතනය වූ පුද්ගලයා තුවාල සහිතව තවත් තරුණයන් පිරිසක් විසින් 19 දින අළුයම හතරට පමණ දඹුල්ල රෝහලට රැගෙන විත් භාරදී තිබෙන බවයි.

රැගෙන එන විටත් එම පුද්ගලයා මියගොස් තිබුණු බව දඹුල්ල රෝහල් පොලීසියේ ප්‍රකාශකයෙකු සඳහන් කළා.

අපරාධය සිදු වී දින කිහිපයක් ගත වන තුරුත් එය සිදුකළ පුද්ගලයන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට ගල්කිරියාගම පොලිසිය උත්සාහ කළද අදාළ සැකකරුවන් ප්‍රදේශයේ නොසිටි බවයි පොලීසිය සඳහන් කරන්නේ.

අතුරුදන්වී සිටින්නේද දරුවන් සිටින විවාහකයෙක්.

මෙම පහරදීම සම්බන්ධයෙන් අපරාධයට ලක්වූ දැරියගේ පියා ඇතුළු තවත් තරුණයන් කිහිපදෙනෙකු ප්‍රශ්න කිරීම සඳහා පොලිස් බාරයට ගෙන තිබෙනවා.

මෙම දැරියගේ පියා යුද හමුදාවේ සිට ඉවත්වූ අයෙකු වන අතර ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ එම මව කුලී වැඩ කරමින් පොල් ගස් නැග පොල් කඩමින් මෙම දරුවන් පස් දෙනකු ජීවත් කරවූ බව ප්‍රදේශවාසීන් පවසනවා.

මෙම ඝාතනය සම්බන්ධයෙන් ගල්කිරියාගම පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.

 

මුලාශ්‍ර – අද දෙරණ

Leave A Reply

Your email address will not be published.