අසාද් සාලිට තරහ ගිහින් රතන හාමුදුරුවන්ට කියපු දේ Video
යකෝ 08 දෙනෙක් අන්තවාදී වුණාම මුළු මුස්ලිම් ජනතාවම අන්තවාදී දැයි මාධ්‍යයෙන් අසයි
ඉදිරි ජනාධිපතිවරණයට අවශ්‍ය නම් සුළු ජාතීන් නියෝජනය කරමින් අපේක්ෂකයෙකු ඉදිරිපත් කළ හැකි බව බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා පවසනවා.
ඊයේ(18) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී වැඩිදුරටත් අදහස් දක්වමින් හිටපු ආණ්ඩුකාරවරයා පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ට චෝදනා කිහිපයක්ද එල්ල කරනු ලැබුවා.
පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ට අනිවාර්යෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අපේක්ෂකත්වය හා ජාතික ලැයිතුව හිමිවන බව හිටපු ආණ්ඩුකාරවරයා සඳහන් කළා.
මොහොමඩ් ෂාෆි වෛද්‍යවරයාට කිසිම චෝදනවාක් නැති බවට පවසමින් නිපතිවරයා හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නිදහස් කරන විට පූජ්‍ය අතුරලියේ රතන හිමියන් කොළඹින් නිතීඥවරු රැගෙන ගොස් සටන් කරන බව හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා වැඩිදුරටත් කියා සිටියා.