ජාත්‍යන්තර ක‍්‍රිකට් කවුන්සිලය විසින් සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායමට වහාම ක්‍රියාත්මක වන පරිදි ජාත්‍යන්තර ක්‍රිකට් තහනම් කර තිබෙනවා.
මෙම තීරණය ගෙන ඇත්තේ එරට ක්‍රිකට් ක්‍රීඩාවට දේශපාලන ඇගිලි ගැසීම් සිදුකිරීම හේතුවෙන් යයි අයි.සි.සි. ය පවසනවා.
ඔවුන් පවසන්නේ ඒකමතික තීරණයක් ලෙස මෙම තීරණය ගත් බවයි.
ඒ අනුව සිම්බාවේ වෙත අයි.සී.සී. විසින් දෙන අරමුදල් නවතන අතර ඔවුන් සංවිධානය කරනු ලබන කිසිම තරගයකට සහභාගි වීමටද අවස්ථාවක් ලැබෙන්නේ නැහැ.