මීලග ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව කියන පුද්ගලයෙකු විසින් මෙරටට විදේශ රටවලින් කසල තොග ගෙනැවිත් ඇති බව පූජ්‍ය වටිනාපහ සෝමානන්ද හිමියන් කියා සිටිති.
එම පුද්ගලයාට අයත් ව්‍යාපාරය විසින් මෙම අපද‍්‍රව්‍ය ලංකාවට ගෙන්වා ඇති බවද උන් වහන්සේ මාධ්‍ය හමුවක් අමතමින් සදහන් කලහ.
එමෙන්ම මේ සම්බන්ධයෙන් වන ලේඛන කිහිපයක් පූජ්‍ය පාහියන්ගල ආනන්ද සාගර හිමියන් විසින් මාධ්‍යය වෙත ඉදිරිපත් කරන ලදී.