ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට තමන් කිසිවිටෙකත් බිය නොවන බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා ,
“අපි මේ රටේ තාවකාලික භාරකරුවන්
ඒ යුතුකමට ජනතාව අවසර දුන්නොත්
මෙතෙක් පහළ නොවූ නවීන පන්නයේ යුගයක් නිර්මල, පිරිසිදු, කඩිසර දුක්විඳින පාලකයෝ සිටින, ජනතාවට සුර සැප ලැබෙන සෞභාග්‍යමත් යුගය බිහිකරන්න ප්‍රේමදාසගේ පුතා ලෑස්තියි”
මේ අතර ඩිජිටල්,යටිතල පහසුකම් හා තොරතුරු තාක්ෂණ කැබිනට් නොවන අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා ද එහි දී අදහස් ප්‍රකාශ කළා.
“ලන්ඩනයේ විශ්ව විද්‍යාලයක උපාධිධාරියෙක් වන පුංචි මිනිහා සමඟ එකට ගැටෙමින් මිනිසුන්ගේ ප්‍රශ්න විසඳන මේ ආදරණීය නායකයා ඉදිරි ජනාධිපතිවරණයේදී රටේ ජනාධිපති බවට පත් කරගන්න අපට පුළුවන්.
ඒ නායකයා සජිත් ප්‍රේමදාස කියලා අපිට විශ්වාසයි.” යනුවෙන් ඒ මහතා පැවසුවා.