රත්නපුර-බලංගොඩ ප්‍රදේශ සඳහා නායයෑමේ අනතුරු ඇඟවීමක්

රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර සහ බලංගොඩ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ සදහා නායයම් අවදානම් පුර්ව අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර ඇත.

රත්නපුර දිස්ත්‍රික්කයේ වලල්ලාවිට මාර්ගය සඳහා විශේෂයෙන් නායයෑම් අවදානම් නිවේදනයක් නිකුත් කර ඇත.

නායයාම් පුර්ව අනතුරු ඇගවීම් කාලසීමාව තුළ නායයාම් පුර්ව අනතුරු ලක්ෂණ දක්නට ලැබේ නම් ඒ පිළිබද සැළකිලි මත් වන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටී.

පොලවේ ඇති වන ඉරිතැලීම්, ගැඹුරට හැරුණ පැලුම් හා පොළවේ ගිලා බැසීම්, ක්‍රමයෙන් ඇලවී යන ගස්, විදුලි කණු, වැටවල් හෝ දුරකථන කුලුණු ආදි සිරස් විහිදුමක් සහිත ගොඩනැගිලි ආදිය පිළිබදව එමෙන්ම ගොඩනැගිලි බිත්ති ගෙබිම මත ඇතිවන ඉරි තැලීම් පිපුරුම් හා ඒවායේ ක්‍රමික වර්ධනය වීම සහ එක් වර ජල උල්පත් මතුවීම හෝ පෙර පැවති උල්පත් එකවර සිදී යාම හෝ නැතිවීම ජල උල්පත් වලින් බොර වතුර මතුවීම වැනි ලක්ෂණ දිස් වන්නේ නම් එය නායයාම් ආපදා පුර්ව ලක්ෂණ විය හැකි බවත් ඔබ ජීවත් වන ප්‍රදේශය නායයාම් අවදානම් කලාපයක් වශයෙන් හදුනාගෙන ඇති නම් පහත ලක්ෂණ පිළිබදව සැකිලිමත් වන ලෙසත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දන්වා සිටියි.

එසේම නුවරඑළිය දිස්ත්‍රික්කයේ ද ස්ථාන කිහිපයක නාය යෑම් අවදානමක් හටගෙන ඇති බවත් වාර්තා වෙයි.

Leave A Reply

Your email address will not be published.