මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් කළුතර , ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මී. 150 ක පමණ ඉතා තද වර්ෂාපතනයන්ද, කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථාන වලට මි.මී. 100 ට වැඩි තද වර්ෂාපතනයන්ද ඇති විය හැකියි.
මේ පිළිබඳ දැඩි අවධානයෙන් පසුවන ලෙස කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.
මේ වන විට කළු ගඟේ හා කැළණි ගඟේ ජල මට්ටම වැඩි වීමක් පෙන්නුම් කරන අතර ලක්ෂපාන ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත කර තිබෙනවා.
කැනියොන් ජලාශයේ ද වාන් දොරටුවක් මේ වන විට විවෘත කර තිබෙන අතර ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටු 3ක් මේ වන විට විවෘත කර තිබෙනවා.
මෙම ප්‍රදේශයන්ගේ ජීවත්වන ජනතාව විශේෂ අවධානයකින් පසුවන ලෙසත් විශේෂයෙන් කැළණි හා කළු ගඟ දෙපස සිටින ජනතාව විශේෂයෙන් සැලකිලිමත් වන ලෙසත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.
ආරක්ෂක කටයුතු සඳහා ත්‍රිවිධ හමුදාව හා නාවික හමුදාව අවශ්‍ය ස්ථාන වලට යොමු කර තිබෙන බවයි ඔවුන් පවසන්නේ.
මේ පිළිබඳව දැනුවත් කිරීම සඳහා 117 දුරකථන අංකය පැය 24 පුරාම විවෘතව පවතින බවයි කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.