ශ්‍රී ලංකාවේ ශීඝ්‍රයෙන් ම ව්‍යාප්තවන ජංගම විදුලි සංදේශන සහකරුවන හච්, වල්පොල පිහිටි සිය මධ්‍යස්ථානය නවීන තාක්ෂණයෙන් පූර්ණ නවීකරණයට ලක් කරමින් වෙළඳපල ප්‍රමුඛස්ථානය තවදුරටත් තහවුරු කර ගනී.
තාක්ෂණික නවෝත්පාදනය සඳහා තමන් දක්වන කැපවීම පිළිබිඹු කරමින් හච් සමාගම දිවයින පුරා 4G ආවරණය ව්‍යාප්ත කිරීමේ ව්‍යාපෘතියේ අදියර දෙකක් ලෙස මෑතකදී බස්නාහිර සහ නැගෙනහිර පළාත්වල 4G ජාලය දියත් කිරීමට කටයුතු කළේය. මෙහි තවත් පියවරක් ලෙස, මූලික ජාලය මත පදනම් වූ මෙරට ප්‍රථම පරිපූර්ණ NFV (Network Function Virtualization) තාක්ෂණයෙන් සිය මධ්‍යස්ථානය සවිබල ගැන්වීමට ද එම සමාගම කටයුතු කළේය. එම තාක්ෂණය හරහා, සම්ප්‍රදායික දෘඩාංග මත පදනම් වූ පද්ධති වෙනුවට විදුලි සංදේශන සේවා සඳහා වඩාත් පොදු තොරතුරු තාක්ෂණ සර්වරයකට යොමු වීම සඳහා මෙහෙයුම්කරුවන්ට අවස්ථාව හිමි වේ. මෙම නව තාක්ෂණය හරහා, විදුලි සංදේශන යෙදවුම් සඳහා ම විශේෂයෙන් සකස් කරන ලද සියලු විශේෂඥ පද්ධති ඕනෑම සම්මත තොරතුරු තාක්ෂණ සර්වරයක් මත ක්‍රියාත්මක වේ. ඒ අනුව අඩු ප්‍රාග්ධනයකින් නම්‍යශීලි සහ කඩිනම් යාවත්කාලීන කිරීම් සිදු කර ගැනීමට එමගින් අවස්ථාව උදා වේ.
ඊට අමතරව හච් සමාගම, පසු ගෙවුම් සහ පෙර ගෙවුම් බිල්පත් පද්ධති එකම පදනමක් මත ක්‍රියාත්මක කළ හැකි ලොව භාවිත කෙරෙන නවීනත ම ඒකාබද්ධ බිල්පත් පද්ධති (CvBS) තාක්ෂණය ද දියත් කරයි. ඒ අනුව සිය අවශ්‍යතාවට ඔබින පරිදි ඕනෑම පුද්ගලයෙකුට හෝ ආයතනයකට සුවිශේෂී පැකේජ ලබාදීමට අවශ්‍ය නම්‍යශීලි බව මෙහෙයුම් ක්‍රියාවලියට හිමි වේ.
“ශ්‍රී ලංකාවේ උසස් ම තාක්ෂණයෙන් යුතු මූලික ජාල සහ ඒකාබද්ධ බිල්පත් පද්ධති හඳුන්වා දීම හරහා මෙරට පාරිභෝගික ජනතාවට නවීන තාක්ෂණයෙන් යුතු විශිෂ්ට සේවාවක් පිරිනැමීමට හච් සමාගම දක්වන කැපවීම් තවදුරටත් පිළිබිඹු වනවා. සමස්ත ශ්‍රී ලාංකිකයන් හට දැරිය හැකි මිලකට 4G තාක්ෂණය ලබාදීම සඳහා අප දියත් කර ඇති ව්‍යාපෘතියට සමගාමීව මෙම තාක්ෂණික යාවත්කාලීන කිරීම සිදු කෙරෙනවා. හච් සන්නාමය යටතේ එටිසලාට් ජාලය ඒකාබද්ධ කිරීමත් සමග තරගකාරී සහ අසමසම 2G/3G සේවා ලබාදීමට අපට හැකි වී තිබෙනවා” යනුවෙන් මෙහිදී අදහස් දක්වමින් හච් ශ්‍රී ලංකා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී තිරුකුමාර් නඩරාසා මහතා සඳහන් කළේය.