ඊයේ (17) මධ්‍යම රාත්‍රීයේ සිට රුපියල් 5කින් ඉහළ දැමු ග්‍රෑම් 450 ක් වු පාන් රාත්තලක මිල අද (18) රාත්‍රියේ සිට නැවත පැරණි මිල ගණන් යටතේ අලෙවි කරන බව බේකරි හිමියන්ගේ සංගමය පවසනවා.
පෙරේදා (16) මධ්‍යම රාත්‍රීයේ සිට පිටි සමාගම් විසින් තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 7.54 කින් ඉහළ දැමූ බවත්, මෙය සාපේක්ෂව රුපියල් 8 කින් පමණ වැඩිවීමක් සිදුවන බව ඊයේ එම සංගමය පැවසුවා..
මේ හේතුව නිසාවෙන් ලංකාවේ පාන් මිල රුපියල් 5 කින් වැඩි කිරීමට තීරණය කළ බවත්, මෙයට විශේෂිත හේතුව වන්නේ පිටි මිල ඉහළ යෑම බවත් වෙන විකල්පයක් බේකරි හිමියන්ට නොමැති බවත් ඔවුන් වැඩිදුරටත් කියා සිටියා.
කෙසේ වෙතත් අද මධ්‍යම රාත්‍රියේ සිට නැවත ග්‍රෑම් 450 ක් වු පාන් රාත්තලක තිබු මිලටම ලබා දෙන බව බේකරි හිමියන්ගේ සංගමය පවසනවා.