ආරක්ෂක හමුදා කෙරේ විශ්වාසය තබාගන්න – යුද හමුදාපති

ත්‍රස්තවාදයට ක්‍රියාත්මක විමට කාල වේලාවක් නොමැති හෙයින් රටේ ආරක්ෂක හමුදාවන් ඕනෑම මොහොතක සුදානමින් සිටින බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතා පවසනවා.

යුද හමුදාපති වරයා මේ බව සඳහන් කළේ අද (18) පෙරවරුවේ රාගම පැවති වැඩසටහනකට එක් වෙමින්.

රටේ ආරක්ෂාව මේ වන විට සාමකාමී තත්ත්වයට පත්ව ඇති බවත් අත්අඩංගුවට ගැනීමේ ක්‍රියාන්විතයන් තවදුරටත් සිදු කෙරෙමින් පවතින බවත්යුද හමුදාපතිතුමා ප්‍රකාශ කරනවා.

කෙසේ වෙතත් මේ වන විට මුහුණ පෑමට ඇත්තේ ගෝලීය ත්‍රස්තවාදයකට බැවින් ත්‍රස්තවාදය අවසන් වන දින වකවානු නිශ්චිතව ප්‍රකාශ කළ නොහැකි බවත් සියලු දෙනාටම සාමය උදාකිරීමට කටයුතු කරන බැවින් හමුදාව කෙරෙහි විශ්වාසය තබා ගන්නා ලෙස ඒ මහතා ප්‍රකාශ කරනවා.

එසේම ජනතාව ද ආරක්ෂාව පිළිබඳ සැළකිලිමත් විය යුතු අතරම ආරක්ෂක අංශ වෙත සහයෝගය ලබා දිය යුතු බවත් යුද හමුදාපතිවරයා වැඩිදුරටත් කියා සිටියා.

 

Leave A Reply

Your email address will not be published.