දිවයිනේ අහස වලාකුලින් බරව පවතින අතර ජූලි මස 20 වන දා දක්වා නිරිත දිග කොටසේ සහ දිවයිනට වයඹ, බස්නාහිර, නිරිත සහ දකුණු දෙසින් වන මුහුදු ප්‍රදේශවල වැසි සහ සුළං තත්ත්වය වැඩිවීමට ඉහළ හැකියාවක් පවතී.
බස්නාහිර, දකුණු, මධ්‍යම, සබරගමුව සහ වයඹ පළාත්වල විටින් විට හමන පැ.කි.මී. (50-60) පමණ දක්වා තද සුළං ද සෙසු ප්‍රදේශවල විටින් විට හමන පැ.කි.මී. (40-50) පමණ දක්වා තරමක තද සුළං ද ඇති විය හැක.
සබරගමුව, මධ්‍යම, බස්නාහිර, දකුණු සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.
සෙසු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.
මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් කලුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මි.මී. 150 ට වැඩි ඉතා තද වර්ෂාපතනයන්ද, කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථාන වලට මි.මී. 100 ට වැඩි තද වර්ෂාපතනයන්ද ඇති විය හැක.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක.
අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.