සමාව ගන්න මම වරදක් කරලා නෑ… මැරයින්ගෙන් මට සමාව ගන්න බෑ – රන්ජන් Video

බොහෝ භික්ෂුන් වහන්සේලාගේ විරෝධය

භික්ෂූන් වහන්සේ සම්බන්ධයෙන් පසුගියදා සමාජ මාධ්‍ය නාලිකාවකට කළ ආන්දෝලනාත්මක ප්‍රකාශය පිළිබඳව රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා අද(17) අග්‍රාමාත්‍යවරයා හමු වී කරුණු පැහැදිලි කළේය.

තමා මහා සංඝරත්නයට අපහාස වන ආකාරයෙන් කිසිඳු ප්‍රකාශයක් සිදු නොකිරීම හේතුවෙන් සමාව ගැනීමේ අවශ්‍යතාවක් මතු නොවන බව රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පවසයි.

අග්‍රාමාත්‍යවරයා හමුවීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා මේ බව සඳහන් කළේය.

රන්ජන් රාමනායක මහතා මහා සංඝරත්නයට අපහාස වන ආකාරයෙන් ප්‍රකාශයක් සිදු කර ඇති බවට පලවූ වාර්තා සැලකිල්ලට ගනිමින් ඒ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරන ලෙස අග්‍රාමාත්‍යවරයා දැනුම්දී තිබුණි.

ඒ අනුව රාජ්‍ය අමාත්‍යවරයා අද අරලියගහ මන්දිරයට ගොස් අග්‍රාමාත්‍යවරයා මුණ ගැසී ඒ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කර ඇති බව වාර්තා වෙයි.

Leave A Reply

Your email address will not be published.