රූමස්සල සෙල්ෆි ගත් තරුණයන් හතර දෙනෙක් මුහුදට වැටෙයි..

උණවටුණ, රූමස්සල වෙරළ තීරයේ ගල් පර්වතයක් මත නැගී සෙල්ෆි ඡායාරූප ගනිමින් සිටි තරුණයන් සිවුදෙනෙකු ඊයේ (16දා) මුහුදට වැටී තිබෙනවා.

ඉන් දෙදෙනෙකු අතුරුදන්ව ඇතැයි හබරාදූව පොලීසිය පවසනවා.

අතුරුදන්ව ඇත්තේ බද්දේගම, ගිනිමැල්ලගහ ප්‍රදේශයේ පදිංචිකරුවන් වන නිලංග මලිත් (අවු.20) හා රවිඳු ප්‍රසාද් (අවු.19) නමැති තරුණයින් දෙදෙනෙක්.

මුහුදට වැටී ගසාගෙන යමින් සිටියදී තරුණයන් දෙදෙනෙකු ගල් පර්වතයක එල්ලී දිවි බේරාගෙන තිබෙනවා.
අනෙක් දෙදෙනා රළ පහරකට හසුව ගසාගෙන ගොසින්.

මෙම තරුණයන් පිරිස රූමස්සලට පැමිණ අදාළ ගල් පර්වතය මතට නැග ඡායාරූප ගනිමින් සිටියදී මෙම අනතුරට මුහුණපා ඇති බවත්, අදාළ ස්ථානය දිය නෑම සිදුනොකරන ස්ථානයක් බවත් පොලීසිය ප්‍රකාශ කරනවා..

අතුරුදන් තරුණයන් දෙදෙනා සොයා නාවික හමුදාවේ දක්‍ෂිණ කඳවුරේ කිමිදුම්කරුවන් සෝදිසි මෙහෙයුම් දියත් කළද, ඊයේ සවස් වනතුරු කිසිදු තොරතුරක් ලැබී තිබුණේ නැහැ.

හබරාදූව පොලීසිය හා නාවික හමුදාව එක්ව සෝදිසි මෙහෙයුම් සිදු කරනවා.

Leave A Reply

Your email address will not be published.