එක්සත් ජාතික පක්ෂයට ජනාධිපති අපේක්ෂකයන්ගේ කිසිම හිඟයක් නැති බවත් අපේක්ෂකයන් දස දෙනෙකු පමණ පක්ෂයට සිටින බවත් අමාත්‍ය දයා ගමගේ මහතා පවසනවා.
මහනුවර සිරිමල්වත්ත, ප්‍රදේශයේ පැවැති ආගමික උත්සවයකින් අනතුරුව මාධ්‍ය හමුවේ ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව පැවසුවා.
මැතිවරණය ප්‍රකාශයට පත් කළ පසු එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයට ඉදිරිපත් වන නාමයන් අනුව සුදුසු අපේක්ෂකයා ඒ අවස්ථාවේදී නම් කරන බවද දයා ගමගේ මහතා කියා සිටියා.
ගෝඨාභය රාජපක්ෂ හෝ රාජපක්ෂ පවුලේ කවුරුන් හෝ ජනාධිපතිවරණයට ඉදිරිපත් වුවද එය එක්සත් ජාතික පක්ෂයට කිසිදු අභියෝගයක් නොවන බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා.
ada.lk