හාමුදුරුවරු බොහොම සිල්වත් – රන්ජන්

ගරුතර මහා සංඝරත්නය පිළිබඳව තමා කළ ප්‍රකාශයක් විකෘති කර සංස්කරණය කර ඇති බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තමන්ගේ කළ කරුණු විමසීමට පිළිතුරු ලිපියක් යොමුකරන බවත් නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් මහතා ප්‍රකාශ කරනවා.

ඒ අනුව අද දිනයේදී තමන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවෙන බවත් තම ප්‍රකාශය විකෘති ලෙස සංස්කරණය කිරිමට එරෙහිව පැමිණිල්ලක් ගොනුකර වන්දි ඉල්ලීමට නඩු පවරන බවත් ඔහු සඳහන් කරනවා.

ශ්‍රී ලංකාවේ ගරුතර මහා සංඝරත්නයෙන් බහුතර සිල්වත් හිමිවරුන් බවත් තමන් සඳහන් කළේ ඉතාමත් සීමිත භික්ෂූන් වහන්සේලා පිරිසක් පමණක් බවත් ඔහු පැවසුවා..

“මම බදාදා (අද/17දා) අගමැතිතුමා හමුවෙනවා. මම පිළිතුරු ලිපියකුත් ලියනවා. මම මේ ප්‍රකාශය කරලා සති දෙකක් විතර ඇති.මගේ ප්‍රකාශය විකෘති කරලා පළ කර තිබෙනවා. මම කිව්වේ ලේ ඉල්ලන, වැඩියෙන්ම කෑ ගහන ජාතිවාදය පතුරුවන අයගෙන් 90%ක් කියලයි මම කිව්වේ.

එතකොට ලේ ඉල්ලන කෑ ගහන හාමුදුරුවෝ ඉන්නේ 15-20ක් විතර. අනිත් අය බොහොම සිල්වත් හාමුදරුවරු ඉන්නේ. ඒ අය කෑගගහා හැමතැනම යනවා. ඒ අය කුඩා කාලයේ යම් කිසි අතවරයකට ලක්වෙලා ඇති ඒක චෙක් කරන්න කියලා තමයි කියන්නේ.

මගේ ප්‍රකාශය විකෘති කරලා, සංස්කරණය කරපු එක්කෙනාට විරුද්ධව මම මිරිහාන පොලීසියේ පැමිණිල්ලක් කරලා වන්දියක් ඉල්ලනවා.

මම ගරුතර මහා සංඝරත්නය පසඟ පිහිටුවා වදිනවා. ගෞරවණිය මහා සංඝරත්නයට හිත රිදෙන දෙයක් කිව්වේ නෑ. දූෂිතයන්ට වදින්න බෑ. බුදුහාමුරුවන්ගේ නියම බෞද්ධ පුත්‍රයන්ට පසඟ පිහිටුවා වදිනවා. අපචාර කරපු, ස්ත්‍රී දූෂණ කරන ලේ ඉල්ලන හාමුදුරුවන්ට වදින්න බෑ.” යනුවෙන් රන්ජන් රාමනායක නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කරනවා.

 

  • ada.lk
Leave A Reply

Your email address will not be published.