හෙට උදැසන රාවණා බලය සංවිධානය විසින් රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනයක ට විරුද්ධව පොලිසියට පැමිණිල්ලක් භාර දීමට සුදානම් වේ.. ඒ පිළිබඳව ඔවුන් එවූ සටහනක දැක්වෙන්නේ පහත අකාරයෙන්..
“රාවණා බලය ජාතික සංවිධානයේ මහ ලේකම් පූජ්‍යපාද ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන් ප්‍රමුඛ කුඩාපොල පරපුරේ වීර යතිවරුන් දේශද්‍රෝහි, බෞද්ධ විරෝධී රන්ජන් රාමනායකට එරෙහිව ස්වාමීන් වහන්සේලා සියක් නමකගේ පමණ සහභාගිත්වයෙන් හෙට දිනයේ දී පෙරවරු 9.30 ට පොලිස් මූලස්ථානය ට පැමිණිල්ලක් භාරදීමට පැමිණෙති.”
ඒ අනුව හෙට පෙරවරුවේ හිමිවරුන් සියනමක් රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනයක ට විරුද්ධව පොලිස් මුලස්ථානයට පැමිණිල්ලක් භාර දීමට නියමිතය.