අද රටෙන් බහුතරය සජිත් එක්ක.. ඔවුන්ට ආර්යාව ප්‍රශ්නයක් නැහැ

සජිත් පේ‍්‍රමදාස මහතාට ‘ආර්යාව’ කතාවක් අල්ලාගෙන සමාජ ජාලාවලින් හානි කිරීමට උත්සාහ කලද එය ගමේ මිනිස්සුන්ට ප්‍රශ්නයක් නොවන බවත් සජිත් පේ‍්‍රමදාස මහතා සමග ගමේ මිනිසුන් සිටින බවත් ඇමති හරින් ප්‍රනාන්දු මහතා පවසනවා.

බදුල්ලේදී පැවති උත්සවයකින් පසු මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඔහු මේ බව කියා සිටියා.

සජිත් පේ‍්‍රමදාස මහතාට ගමේ මිනිස්සු ආදරේ බවත් ගමේ මිනිසුන් ඉන්නේ සජිත් සමග බවත් ඔවුනට ආර්යාවද භාර්යාවද කියා ප්‍රශ්නයක් නැති බවත් ඇමතිවරයා පැවසුවා.

අද වන විට රටේ බහුතරයක් සිටින්නේ සජිත් පේ‍්‍රමදාස මහතා සමගින් බවත් ඔහු තව දුරටත් එහිදී පැවසීය.

Leave A Reply

Your email address will not be published.