ඇසළ පොහොය අදයි

ඇසල පුර පසලොස්වක පොහොය දිනය අදට යෙදී තිබෙනවා.

බෝසත් චරිතය මෙන්ම බුද්ධ චරිතයේ වැදගත් සිදුවීම් රැසක් සිදුවූ පොහෝ දිනයක් ලෙස ඇසළ පුර පසලොස්වක පොහෝ දිනය බෞද්ධ ජනතාවට ඉතා වැදගත් දිනයක්.

බෝසතුන් මහමායා දේවියගේ කුස පිළිසිදගැනීම අද වැනි පොහෝ දිනකයි සිදුව තිබෙන්නේ..

එමෙන්ම සිදුහත් කුමරු සතර පෙර නිමිති දැක ගිහිගෙයි කල කිරී මහා අභිනිෂ්ක්‍රමණය කිරීම ද ඇසළ පොහෝ දිනක සිදුවූ බව බෞද්ධ ඉතිහාසයේ සඳහන් වෙනවා.

බුදුරාජාණන් වහන්සේගේ සිය මංගල ධර්මදේශනාව වන ධම්සක් පැවතුම් සූත්‍ර දේශනාව සිදුකරනු ලැබුවේ ද අද වැනි ඇසල පුර පසලොස්වක පොහෝ දිනකදී යි.

බුදුරාජාණන් වහන්සේගේ පරිනිර්වාණයෙන් පසුව ප්‍රථම ධර්ම සංගායනාව ද අද වැනි පොහෝ දිනක සිදුකර තිබෙනවා..

භික්ෂූන් වහන්සේ වස් විසීම ආරම්භ කිරීම සිදුවන්නේ ඇසළ පුර පසලොස්වක පොහෝ දිනයේ බැවින් බෞද්ධයන් ට මෙම පොහොය ඉතා වැදගත් පොහෝ දිනයක්.

Leave A Reply

Your email address will not be published.