මම ගැරඬි මරන්නේ නැහැ – රොෂාන් ට ඩඩ්ලිගෙන් උත්තර

ජනාධිපතිවරයාගේ සොයුරු ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතාගෙන් තමන්ට මරණ තර්ජන එල්ල වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ මහතා පසුගියදා චෝදනා කළා.

අද (15) පොලොන්නරුවේපැවති මාධ්‍ය හමුවකදී ඩඩ්ලි සිරිසේන මහතා එම චෝදනාවලට පිළිතුරු ලබා දුන්නා.

රොෂාන් රණසිංහ මන්ත්‍රීවරයා උතුරු මැද පළාතේ මහ ඇමති ධුරය ලබා ගැනීම සඳහා අවශ්‍ය වතාවරණය සදා ගැනීමට තමන්ට චෝදනා කරන බවයි ඔහු පැවසුවේ.

ඔහුව දේශපාලනයට ගෙන ආවේද තමන් බවයි ඩඩ්ලි සිරිසේන මහතා කියා සිටියේ.

තමන් කිසි දිනයකච ගැරඬි මරන්නේ නැති බවත් එම නිසා කිසිසේත්ම මනුෂ්‍ය ඝාතනයක් සිදු නොකරන බවත් ඔහු වැඩිදුරටත් පැවසුවා.

Leave A Reply

Your email address will not be published.