ස්වාමින් වහන්සේලා කියන නිසා නෙමෙයි අපි ඉල්ලා අස්වුනේ .. රටට ආදරේ නිසයි..- බදුයුදීන් කියන සම්පුර්ණ කතාව බලන්න Video
මම වැරදි නැහැ කියල සී.අයි.ඩී. එක කියල තියෙනවා... එක එක්කෙනාට ඕන විදියට නටන්න සුදානම් නැහැ
තමන් ඇමතිධුරය බාර ගන්නේ තනියම නොව සියලුම මුස්ලිම් ඇමතිවරු ඇමතිකම් බාර ගන්නාවිට බව හිටපු අමාත්‍ය රිෂාඩ් බදුයුදීන් මහතා ප්‍රකාශ කරනවා.
එලෙසම කාලකන්නි සහරාන් ලා කළ වැඩ වලට සාමාන්‍ය මුස්ලිම් ජනතාව සම්බන්ධ නැති බවත්, වසර 1000 ක් තිස්සේ මුස්ලිම් ජනතාව ලංකාවේ ජීවත් වන බවත් ඔහු කියා සිටියා.
ඇමතිධුර බාර ගතහොත් නැවත විශ්වාශභංගයක් ගෙන එන බව රතන හිමියන් කියන්නේ යැයි මාධ්‍යවේදියෙක් කියා සිටියා. එයට පිළිතුරු දුන් අමාත්‍යවරයා ” ඕන විශ්වාශභංගයක අපි සුදානම්.. ස්වාමීන්වහන්සේලාට බයකට නෙමෙයි අපි ඉල්ලා අස් වුනේ. රට ගැන අපට තියෙන ආදරේ නිසා අපි ඉල්ලා අස් වුනේ..යනුවෙන් ප්‍රකාශ කළා.
“මම වැරදි නැහැ කියල සී.අයි.ඩී. එක කියල තියෙනවා…රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා කියල තියෙනවා. එක එක්කෙනාට ඕන විදියට නටන්න සුදානම් නැහැ” යනුවෙන් ඔහු වැඩි දුරටත් කියා සිටියා.