එක්සත් ජාතික පක්ෂයේ මීළඟ ජනාධිපති අපේක්ෂකයා පිළිබඳව තීන්දු තීරණ ගන්නට මහජනතාව ඉදිරියට ගොස් කතා කරනු ලබන්නේ එක්සත් ජාතික පක්ෂයට වෙනත් පක්ෂවලින් පැමිණ සාමාජිකත්වය ලබාගත් අය බව ක්‍රිස්තියානි කටයුතු සංචාරක වනජීවී රාජ්‍ය අමාත්‍ය රංජිත් අලුවිහාරේ මහතා පැවසීය.
කෙසේ වෙතත් අපේක්ෂකයා තීරණය කරනු ලබන්නේ පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා බව ඔහු ප්‍රකාශ කර සිටියේය.
එක්සත් ජාතික පක්ෂයේ තීන්දු තීරණ ගනු ලබන්නේ පක්ෂයට අතරමගදී එකතු වූ අය නොව පක්ෂයේ නායකත්වය බවත් හෙතෙම සඳහන් කළේය.
රටේ ඉදිරි නායකයාගේ ආර්යාව බවට සජිත් ප්‍රේමදාස මහතාගේ බිරිඳ පසුගියදා සිදුකළ ප්‍රකාශය මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ එය ඇය විසින් හිතාමතා කියූ ප්‍රකාශයක් නොව එය වැරදීමකින් කියවූ ප්‍රකාශයක් බවයි.
එමෙන්ම ඇය දේශපාලන වේදිකාවල කතා නොකළ කාන්තාවක් බවත් ඇය පළමු දේශපාලන වේදිකාවේ සිදු කළ කතාවේ යම්කිසි අඩුපාඩු පසුපස යමින් පහර එල්ල කිරීම නොකළ යුතු බවත්ය.
එජාප ජනපති අපේක්ෂකයා ගැන කිහිප දෙනෙක් දැක්වූ අදහස් මේ.