පසුගියදා යු ටියුබ් වීඩියෝවක් මගින් කල ප්‍රකාශයක් හේතුවෙන් රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා දැඩි දෝෂ දර්ශනයට ලක්වුනා.
ඔහු කියා සිටියේ ස්වාමින් වහන්සේලාගෙන් 90% ක් ම කුඩා කළ ලිංගික අතවර වලට ලක්වන බවයි.
මේ පිළිබඳව පාර්ශව රැසකින් ඔහුට චෝදනා එල්ල වුණා.
රාජ්‍ය අමාත්‍යවරයා සිදුකළ මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් නීතීඥ ප්‍රේමනාත් සී.දොලවත්ත මහතා සහ පූජ්‍ය මැඩිල්ලේ පඥ්ඥාලෝක හිමියන් අද (14) පොලීසිය වෙත පැමිණිලි සිදු කලා.
එහිදී පූජ්‍ය සිංහලේ සංවිධානයේ මහලේකම් මැඩිල්ලේ පංඥාලෝක හිමි ප්‍රකාශ කළේ සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් සංඝයා වහන්සේගෙන් සමාව ගැනීමට පැය 24 ක කාලයක් අමාත්‍යවරයාට ලබා දෙන බවයි.
මේ අතර සිවිල් සංවිධාන නියෝජිතයින් මෙන්ම මහජන නියෝජිතයින්ද රංජන් රාමනායක රාජ්‍ය අමාත්‍යවරයා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් සිය අප්‍රසාදය ප්‍රකාශ කලා.