ඉදිරියේදී වැස්ස වැඩිවෙයි

දිවයිනේ දැනට පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයේ තරමක වැඩිවීමක් ඉදිරි දිනවලදී එනම් ජූලි 16 සිට විශේෂයෙන් නිරිත දිග කොටසේ පවතිනු ඇතැයි බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

සබරගමුව, මධ්‍යම, බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඒ ආකාරයෙන් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.
අනෙකුත් ප්‍රදේශ වල තැනින් තැන සවස 2.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව සඳහන්.

යාපනය දිස්ත්‍රික්කයේ උදෑසන කාලයේදීත් වැසි ස්වල්පයක් ඇති විය හැක.

බස්නාහිර, සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 100 ක පමණ තද වර්ෂාපතනයන් ඇති විය හැකියි.
ඌව සහ නැගෙනහිර පළාත්වලද ඇතැම් ස්ථාන වලට මි.මී. 50 ට වැඩි තරමක තද වර්ෂාපතනයන්ද අපේක්ෂා කරනවා.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ද ඇති වෙන්න පුළුවන්.

Leave A Reply

Your email address will not be published.