මෝටර් වාහන පනතේ නව සංශෝධනයට අනුව රියදුරු බලපත්‍රය ජීවිතාන්තය දක්වා අවලංගු කිරිමට හැකියාව පවතින වැරදි දෙකක් බීමත්ව රිය පැදවීම සම්බන්ධ ව ඇති බව පොලිසිය පවසනවා.
1. මගී ප්‍රවාහන රියදුරෙකු බීමත්ව රිය පදවා වරදකරුවෙක් වුවහොත්
2. බීමත්ව රිය පදවා රිය අනතුරක් සිදුකළහොත්
මින් ඉදිරියට මෙලෙස ජීවිතාන්තය දක්වා රියදුරු බලපත්‍රය අවලංගු කිරිමේ හැකියාව පවතිනවා .
2019 අංක 10 දරණ මෝටර් වාහන සංශෝධන පනතේ 216 වන වගන්තිය සංශෝධනය වී ඇති අතර ඒ අනුව බීමත්ව රිය පදවා වරදකරුවෙක් වීමට අදාලව නිර්ණායක 3ක් යටතේ දඬුවම් ප්‍රකාශයට පත්කර තිබෙනවා..
ඊට අනුව සාමාන්‍ය පෞද්ගලික වාහනයක රියදුරෙක් බීමත්ව රිය පදවා වරදකරු වුවහොත් රුපියල් 25,000කට නොඅඩු හා රුපියල් 30,000කට නොවැඩි දඩ මුදලකට හෝ මාස 3කට නොවැඩි කාලයක් සදහා රක්ෂිත බන්ධනාගාර ගත කිරිම, නැතිනම් එම දඩුවම් දෙකටම යටත් කර තිබෙනවා.
ඊට අමතරව අදාල පුද්ගලයාගේ රියදුරු බලපත්‍රය මාස 12 කට නොවැඩි කාලයක් සදහා අත්හිටුවිමටද හැකියාව පවතිනවා..
මගී ප්‍රවාහන රථයක රියදුරෙකු බීමත්ව රිය පදවා වරදකරුවෙක් වුවහොත් රුපියල් 25,000කට නොඅඩු හා රුපියල් 30,000කට නොවැඩි දඩ මුදලකට හෝ මාස 6කට නොවැඩි කාලයක් සදහා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමක් හෝ එම දඩුවම් දෙකටම යටත් කර තිබෙනවා..
එසේම ඔහුගේ රියදුරු බලපත්‍රය ජිවිතාන්තය දක්වා අවලංගු කිරිමට හැකියාවද පවතිනවා.
අන් වරද වන්නේ බීමත්ව රිය පදවා රිය අනතුරක් සිදු කිරිමයි.
ඊට වරදකරුවෙක් වන්නෙකු
1. රුපියල් 100,000කට නොඅඩු හා රුපියල් 150,000කට නොවැඩි දඩ මුදලකට
2. අවුරුදු 2කට නොඅඩු හා අවුරුදු 10කට නොවැඩි කාලයක් සදහා රක්ෂිත බන්ධනාගාර ගත කිරිම
හෝ එම දඩුවම් දෙකටම යටත් කර තිබෙනවා..
මේ අවස්ථාවේ දී ද එම රියදුරුගේ රියදුරු බලපත්‍රය ජිවිතාන්තය දක්වා අවලංගු කිරිමට හැකියාව පවතිනවා.