පාස්කු ප්‍රහාරය ගැන බදියුදීන්ට එරෙහි චෝදනා නැති බව කථානායක කිව්වා – අගමැති

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ බුද්ධි අංශය විසින් ඉදිපත් කර තිබෙන වාර්තාවේ යම් යම් කොටස් සමහරුන් විසින් ප්‍රතික්ෂේප කිරීමට උත්සාහ දරන බව පෙන්වා දුන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එමගින් සිදු වන්නේ අයි.එස්.අයි.එස් ත්‍රස්තවාදවයට අනුබල දීමක් බව පෙන්වා දෙනවා.

කිසිම වාර්තාවක කොටසක් ප්‍රතික්ෂේප කර, ඉතිරි කොටස් පිළිගැනීම කළ නොහැක්කක් බවත්, දේශපාලන අරමුණු උදෙසා මෙසේ ක්‍රියා කිරීමෙන් සිදු වන්නේ සාක්‍ෂි වල ශක්තිය අඩපණ වීමක් බවත් අගමැතිවරයා පවසනවා.

ඊයේ (14) පස්වරුවේ කින්නියා මධ්‍ය මහා විද්‍යාලයේ ප්‍රේක්ෂකාගාරය විවෘත කිරීමේ උත්සවයට එක්වෙමින් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේ මෙම වාර්තාව මගින් රිෂාඩ් බදූර්දීන් අමාත්‍යවරයාට එරෙහිව කිසිදු චෝදනාවක් සනාථ වී නැති බවයි.

එසේම පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවේ සාක්‍ෂි ලබාදෙමින් රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා තමන්ට කිසිදු බලපෑමක් කළේ නැති බව හමුදාපතිවරයා පවසා සිටි බව ද අගමැතිවරයා පෙන්වා දුන්නේය.

එම පොලිස් බුද්ධි අංශ වාර්තාව නීතිපතිවරයා සහ කතානායකවරයා වෙත යවා තිබෙන බවද, ඔවුන් ඒ පිළිබඳව නිසි පියවර ගනු ඇති බවද අගමැතිවරයා වැඩිදුරටත් පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වික්‍රමසිංහ මහතා මෙසේ ද කීය.

“පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධව පොලිස් බුද්ධි අංශය විසින් කරනු ලැබූ පරීක්‍ෂණයට අනුව වාර්තාව කාදිනල්තුමා මෙරටට පැමිණි ගමන් ලබාදීමට මම උපදෙස් ලබාදී තිබෙනවා. ඒ වගේම පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවටත්, සභාවේ නියෝජිතයින්ටත් එම වාර්තාව කාදිනල්තුමාට ලබාදීමට මා උපදෙස් දී තිබෙනවා.

එම වාර්තාව කතානායකවරයා විසින් අපට ලබාදුන්නා. එම වාර්තාවෙන් චෝදනා 300 ක් තිබුණා. එම චෝදනාවල බහුතරයක් කිසිදු පදනමකින් තොරව කළ චෝදනා බව සඳහන් වෙනවා..

ඉන් සමහර චෝදනා පැමිණි ඉදිරිපත් කිරීමට අදාළ කිසිදු කරුණක් නැති බවත් සඳහන් වෙනවා.

ඒ අනුව රිෂාඩ් බදියුදීන් ඇමැතිතුමාට එරෙහිව කිසිදු චෝදනාවක් නොමැති බව කතානායකවරයා දැනුම් දුන්නා.

Leave A Reply

Your email address will not be published.