එංගලන්තය 2019 ලෝක කුසලානය දිනයි…වාර්තාගත තරගයක් ලෙස ඉතිහාසයට එකතුවෙයි

නවසීලන්ත කණ්ඩායම පරාජය කරමින් 2019 ලෝක ශූරයින් වීමට එංගලන්තය සමත් වුණා. ලෝක කුසලාන ක්‍රිකට් ඉතිහාසය තුල එහි ජය හිමි කර ගන්නට එංගලන්තය සමත් වුණේ ප්‍රථම වතාවටයි.

මුලින් පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම සිය පන්දුවාර 50 තුල දී කඩුළු 08 කට ලකුණු 241 ක් ලබා ගත්තා. ඊට පිළිතුරු ලෙස එංගලන්ත කණ්ඩායම ද සිය පන්දුවාර 50 තුළ සියලු දෙනා දැවී ලකුණු 241 ක් ලබා ගෙන තරගය සම කරන්නට සමත් වුණා.
ඒ අනුව දෙපිලටම සුපිරි පන්දුවාරයක් බැගින් ක්‍රීඩා කිරීමට ලැබුණා.
එහිදී මුලින්ම පන්දුවට පහරදුන් එංගලන්තය එම පන්දුවාරයේදී ලකුණු 15 ක් ලබා ගත්තා. පිළිතුරු ලෙස නවසීලන්ත කණ්ඩායම ද ලකුණු 15 ක් ලබා ගත්තද එක් කඩුල්ලක් දැවී ගියා.

Leave A Reply

Your email address will not be published.