මං ජනාධිපති කාලේ මුල් තැන දුන්නේ ආරක්‍ෂාවටයි..- මහින්ද යුරෝපයට කියයි..

යුරෝපා සංගමයේ ත්‍රස්ත මර්ධන සම්බන්ධීකාරක ජයිල්ස් ද කර්කොව් මහතා හා විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් විජේරාම හි පිහිටි සිය නිවසේදී සිදුවිය..

කර්කොව් මහතා කියා සිටියේ තම සංචාරයේ අරමුණ වූයේ ආරක්ෂාව වේගවත් කිරීම සහ වඩා හොඳ අදහස් හා අත්දැකීම් හුවමාරු කර ගැනීම සඳහා ශ්‍රී ලංකාව දරන උත්සාහයට සහාය වීමයි.

මේ සම්බන්ධයෙන් විපක්ෂ නායකවරයා කියා සිටියේ ජනාධිපති ධුරය දැරූ කාලය තුළ සෑම විටම ජාතික ආරක්ෂාව පිළිබඳ කාරණා සඳහා ඉහළම ප්‍රමුඛතාවය ලබා දී ඇති බවත්, වර්තමාන සන්දර්භය තුළ පවා ඔහු සහ ඒකාබද්ධ විපක්ෂයේ සාමාජිකයන් ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් රජයට පූර්ණ සහයෝගය ලබා දී ඇති බවත්ය.

මෙම හමුවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී. එල්. පීරිස් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී තාරකා බස්නායක යන මහත්වරුන්ද සහභාගී වූහ.

– MR Media

Leave A Reply

Your email address will not be published.