පවත්නා වැසි තත්ත්වය ඉදිරි දිනවලදීද තවදුරටත් පවතිනු ඇතැයි බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
සබරගමුව, මධ්‍යම, බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.
දිවයිනේ සෙසු ප්‍රදේශ වල තැනින් තැන සවස 2.00න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මී. 75 ක් පමණ තද වර්ෂාපතනයන් ඇති විය හැකි අතර ඌව සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථාන වලට මි.මී. 50 ට වැඩි තරමක තද වර්ෂාපතනයන් අපේක්ෂා කලහැක.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය.
අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවට දන්වා ඇත.