ඇය මේ බව ප්‍රකාශ කළේ ජාතික මහ සභාවේ හැටන් කලාපයේ පළමු කාන්තා සම්මේලනය සඳහා සහභාගී වෙමින්.
එය අමාත්‍යය ජලනි ප්‍රේමදාස මහත්මියගේ ප්‍රධානත්වයෙන් ඊයේ (13) හැටන් ඩි.කේ.ඩබ්ලිව් සංස්කෘතික ශාලාවේදි පැවැත්වුණා.
“ඔබ ඉදිරියට අද ඇවිල්ල සිටින්නේ ඔබ ආදරය කරන, ඔබේ හදවතේ බලාපොරොත්තු ඇතිකරගෙන තියෙන, අනාගත නායක සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ ආර්යාව හැටියට මෙයට සහභාගී වන්නේ” යනුවෙන් ඇය කියා සිටියා.
මෙම සමුළුවේදි වතු ක්ෂේත්‍රෙය් කාන්තාවන්ගේ ජිවන තත්ත්ව, අදායම් තත්ත්වය, වතු කම්කරුවන්ගේ පෝෂණ තත්ත්වය සහ අධ්‍යාපන තත්ත්වය පිළිබඳව විග්‍රහ කරනු ලැබුවේය.
ජාතික මහ සභාවේ කාන්තා සම්මේලනයේදි අදහස් දැක් වු ජලනි ප්‍රේමදාස මහත්මිය කියා සිටියේ මේ රටේ සමස්ත පොදු ජනතාව වෙනුවෙන් කටයුතු කරන අමාත්‍යය සජිත් ප්‍රේමදාස මහතාගේ බිරිඳ වශයෙන් එතුමාගේ දර්ශනය මත ගමන් කරමින් තමන්ද මේ රටේ පොදු ජනතාවට වැඩ කිරීමට කැප වී කටයුතු කරන බවයි.
සම්මේලනයේදි වතු කම්කරු කාන්තාවන් ඉදිරිපත් කළ ගැටළු සම්බන්ධයෙන් හැකිතාක් දුරට කඩිනම් විසඳුම් ලබා දීමට කටයුතු කරන බවය ජලනි ප්‍රේමදාස මහත්මිය කියා සිටියා.