බදියුදීන්ට ඇමතිධූරය ලබාදෙනවාට එජාපයේ පසුපෙළ මන්ත්‍රීවරු විරුද්ධයි

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාට යළිත් අමාත්‍යධූරයක් ලබා දීමට එක්සත් ජාතික පක්ෂ පසුපෙළ මන්ත්‍රීවරුන් විරෝධය පල කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා ලංකාදීපයට පැවැසීය.

පාස්කු ඉරිදා ප‍්‍රහාරය සම්බන්ධයෙන් රිෂාඩ් බදියුදීන් මහතාට චෝදනා එල්ල වී තිබියදී යළිත් ඔහුට අමාත්‍යධූරයක් ලබාදීම අනුමත කළ නොහැකි බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

රිෂාඩ් බදියුදීන් මහතා සම්බන්ධයෙන් වන සියලු චෝදනා විභාග කර අවසන් වනතෙක් ඔහුට අමාත්‍යධූරයක් ලබානොදෙන ලෙසට රජයේ ඉහළ බලධාරීන්ගෙන් ඉල්ලීමක් කරන බවත් ඔහු පැවැසීය.

එල්ල වී ඇති චෝදනා සියල්ලටම නිවැරදිකරු වුවහොත් පමණක් රිෂාඩ් බදියුදීන් මහතාට යළිත් අමාත්‍යධූරයක් ලබාදීමේදී ගැටලුවක් නැතැයිද හේෂා විතානගේ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

නිමල කොඩිතුවක්කු – ලංකාදීප

Leave A Reply

Your email address will not be published.