පොහොට්ටුව තමයි පොර..හැබැයි පොහොට්ටුවට තනියෙන් දිනන්න බෑ – ඩිලාන් පෙරේරා

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ එක් වන්නේ නම් ඉදිරි ජනාධිපතිවරණය නිසැකවම ජයගතහැකි බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පවසා සිටිනවා.

කොළඹ පැවති මාධ්‍ය හමුවකට අද එක් වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළා.

පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා දුරටත් අදහස් දක්වා සිටියා.

ගමේ පාක්ෂිකයන් කියන්නේ ශ්‍රී ලංකා එකයි පොහොට්ටුවයි එකතු වෙන්න කියල . මෛත්‍රීපාල සහ මහින්ද එක් වෙලා ඉදිරිපත් කරන අපේක්ෂකයා තමයි දිනන්නේ.
කොළයක ලියලා තියාගන්න. ඔසී වගේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා තුන්වෙනි පාර්ශ්වයකින් ඇවිල්ලා ඡන්ද කඩන්නේ නැහැ එ.ජා.ප.යෙන් ඉල්ලන කෙනා අපි තවම දන්නේ නැහැ

එක්සත් ජාතික පක්ෂයට විරුද්ධව ඉල්ලන්නේ. ගෝඨාභය, මෛත්‍රීපාල, දිනේෂ් ගුණවර්ධන,මහින්ද රාජපක්ෂ ද දන්නෙත් නෑ

ඉල්ලන්නේ එක්කෙනයි දෙන්නෙක් නොවෙයි. තනියෙන් දිනන්න බැහැ පොහොට්ටුව තමයි පොර. ඒ තමයි පිඟානේ බත්. හැබැයි බත් පිඟාන කන්න එළවලු අවශ්‍යයි. තනිවම කාටවත් දිනන්න බෑ.

Leave A Reply

Your email address will not be published.