සංවිධායකයන්ගේ විරෝධය මැද එජාපය ට පනින්න හදන හය දෙනා කවුද ?

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු එක්සත් ජාතික පක්ෂයට එක්වන බවට එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග වාර්තා කරනවා..

කෙසේ වෙතත් මෙම මන්ත්‍රීවරුන් මෙම පිරිස එජාපයට එක් කර ගැනීමේදී ආසන සංවිධායක ධුර ලබා දීමේදී ගැටලුකාරී තත්ත්වයක් මතුව ඇති බවද එම ආරංචි මාර්ග තව දුරටත් කියා සිටිනවා.

මන්ත්‍රීවරුන් හය දෙනෙකු පමණ මෙසේ එක්වීමට සූදානමින් ඇතත් දැනටමත් ඔවුන් නියෝජනය දිස්ත්‍රික්කයන්හි එක්සත් ජාතික පක්ෂ ආසන සංවිධායකවරුන් ඊට දැඩි විරෝධය පළ කර තිබෙන බවයි දැනගන්නට ලැබෙන්නේ.

මෙම මන්ත්‍රීවරුන් එජාපයට එක් වීම සඳහා ආසන සංවිධායක ධූරයක් අනිවාර්යෙන්ම බලාපොරොත්තු වීම ඊට හේතුවයි.

source – lankacnews

Leave A Reply

Your email address will not be published.