අපි හිටපු අමාත්‍යධුර වලම දිවුරුම් දෙනවා…රිෂාඩ් ඇමැතිතුමත් නැවත දිවුරුම් දෙනවා – ෆයිසාල් කාසිම්

ජනාධිපතිවරයා තමයි අමාත්‍යධුර භාර ගන්න කිව්වේ

අමාත්‍ය ධුරවලින් ඉල්ලා අස්වූ මුස්ලිම් මන්ත්‍රීවරුන් යළි අමාත්‍යධුර භාර ගැනීමට තීරණය කළ බව සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය හිටපු රාජ්‍ය අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී ෆයිසාල් කාසිම් මහතා පවසයි.

අද (12) පෙරවරුවේ කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.

අමාත්‍යවරුන් ඉල්ලා අස්වීමට තීරණය කළේ ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් බවත් මේ වන විට රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයාගේ නිවැරදිභාවය බොහෝ සෙයින් තහවුරු වී ඇති බැවින් මෙම තීරණය ගත් බවත් ඔහු ප්‍රකාශ කළේය.

මේ පිළිබඳව ජනාධිපතිවරයා සමඟ සිදු කළ සාකච්ඡාවේ දී ජනාධිපතිවරයා ද අමාත්‍යධුර භාර ගන්නා ලෙසට ප්‍රකාශ කළ බවත් ඒ මහතා සඳහන් කරයි.

රිෂාඩ් ඇමතිවරයාත් ඉදිරියේ දී නැවත අමාත්‍ය ධුරයේ දිවුරුම් දෙනු ඇති බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

Leave A Reply

Your email address will not be published.