උතුරු නැගෙනහිර සහ වතුකරය ඇතුළු දිවයිනේ දමිළ භාෂාව කතා කරන ජනතාවගේ ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කර විසදුම් ලබාදිම සදහා පක්ෂ තුනක් සන්ධාන ගත වි එයට අදාළ අවබෝධතා ගිවිසුම අද (11) අත්සන් කරනු ලැබීය.
ලංකා කම්කරු කොන්ග්‍රසය , ප්‍රජාතන්ත්‍රවාදි ජනතා කොන්ග්‍රසය , ප්‍රජාතන්ත්‍රවාදි විමුක්ති පෙරමුණ මෙසේ අවබෝධතා ගිවිසුමට අත්සන් කෙරිණ.
ලංකා කම්කරු කොන්ග්‍රසය වෙනුවෙන් එම පක්ෂයේ මහලේකම් අනුෂා සිවරාජා මහත්මිය , ප්‍රජාතන්ත්‍රවාදි ජනතා කොන්ග්‍රසය වෙනුවෙන් එම පක්ෂයේ සභාපති හිටපු පා.ම ප්‍රභා ගනේෂන් , ප්‍රජාතන්ත්‍රවාදි විමුත්කි පෙරමුණ වෙනුවෙන් එම පක්ෂයේ මහලේකම් යි.කදිර් යන මහතුන් මෙම අවබෝධතා ගිවිසුමට අත්සන් කරන ලදි.
එම සන්ධානයේ නිලතල කිසිවක් කිසිදු පක්ෂයකට මෙතෙක් ලබා නොදි ඇති අතර එම සන්ධානයට මෙතෙක් නමක් තබා නොමැති බවයි මෙම අවබෝධතා ගිවිසුම අත්සන් කිරිමෙන් අනතුරුව කොටගල ලංකා කම්කරු කොන්ග්‍රස් මුලස්ථානයේ පැවති මාධ්‍යය හමුවේදි ප්‍රභා ගනේෂන් මහතා කියා සිටියේ.
නව සන්ධානයට ඕනැම පක්ෂයකට එක් විමට හැකි බවත්, එම සන්ධානය තුළින් දමිළ භාෂාව කතා කරන ජනතාවගේ ගැටලු සම්බන්ධයෙන් විසදුම් ලබා දිම අරමුණු කර ගනිමින් නව සන්ධානය නගා සිටුවු බවයි ප්‍රභා ගනේෂන් මහතා කියා සිටියේ.
නව සන්ධානයට ඉදිරියේදි එකතු වන පක්ෂ සහ සංවිධාන එකතු කර ගනිමින් නව සන්ධානයට නමක් තබන බවත්, ඉන් අනතුරුව එම සන්ධානයේ නිලතල සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරන බවත් ප්‍රභ ගනේෂන් මහතා පැවසීය.
මෙම මාධ්‍යය හමුවට ලංකාකම්කරු කොන්ග්‍රසයේ සභාපති නුවරඑළිය දිස්ත්‍රික් ප.ම ආරුමුගන් තොණ්ඩමන් මහතා සහභාගි විය.
– අද